නව හමුදා මාධ්‍ය අධ්යක්ෂවරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත බව එරට කථානායක නැන්සි පොලෝසි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දා කොංග්රස් මණ්ලයේ නීති කමිටුව පසුගිය දා අනුමත කරන ලද කරුණු මත පදනම්ව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බවයි. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් තමන්ට අදාළව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයට අදාළව එරට කොංග්රස් මණ්ඩල […]
අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට සිටින ඇමෙරිකානු පුරවසින්ට මෙම උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට දැනුම්දීමක් කර තිබෙනවා. මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සදහන් කරන්නේ ජනතාව ගැවසෙන සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව අවධානයෙන් පසුවන ලෙසයි. ඒ අනුව අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක […]
හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පිටකෝට්ටේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ පක්ෂ නායකත්වය නොමැතිව අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බවයි. එමෙන්ම තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු නොවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර සහ බස්නාහිර සහ උතුරු-මැද, ඌව පළාත් වලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා. එමෙන්ම දකුණු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් සුළඟේ […]
රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැවැන්ත සේවයක් ඉටුකරන සුවිශේෂ පුද්ගලයින් ඇගයීම සදහා සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරන ගෞරවනාම ප්රදානය කිරීමේ උත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා. සමබර ප්රවෘත්ති විකාශයන් ජනතාවට තිලිණ කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත TV ජ්‍යේෂ්ඨ ප්රවෘත්ති කළමණාකරු […]
දකුණු අපි‍්‍රකාවේ මේ දිනවල පැවැත්වෙන 20 යි 20 තරගාවලියේ කී‍්‍රඩාවේ නිරත වෙමින් සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක ඉසුරු උදානගේ මහත්මා ගුණය ගැන පසුගිය දිනවල කාගේත් කතාබහට ලක්වුණා. ඒ ඉසුරු උදානට පන්දු යවන්නා අන්තයේ සිටි පිතිකරුවාව දුවද්දී දවා ගැනීමකට අවස්ථාව තිබියදීත් එම පිතිකරුවා ඒ අවස්ථාවේදී අබාධයකට ලක්ව සිටි නිසා ඉසුරු උදාන එම අවස්ථාව හිතාමතාම මගහැරගැනීමයි. ඔහුව […]
තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වෙනවා. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි. 2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වෙනවා .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන නගර අලංකරණ වැඩසටහනට සමගාමිව හැටන් නොර්වුඩ් පොලිසිය අසල ආරක්ෂිත පැති බැම්මක බිතු සිතුවම් නිර්මාණය කිරිමට පෙර එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එක් වි සුදු තින්ත ආලේප කර තිබෙනවා. සුදු තින්ත ආලේප කර තිබු ආරක්ෂිත පැති බැම්මේ කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රීයේ කළු පැහැති තින්ත ආලේපයකින් ප්‍රදේශයේ […]
සමාජ ජාල මාධ්‍ය හරහා ජනතාව අතර ඇතැම් බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඊයේ කොළඹ පැවති උත්සවයකදි උන්වහන්සේ මේ බව සඳහන් කලා. කැතලික් මැසෙන්ජර් පුවත් පතේ 150 වැනි සංවත්සරය කොළඹදී ඊයේ පැවැත්වුනු අතර ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ය.
අර්බුද රැසකට මුහුණදුන් මැක්ස් 737 වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ලෝක ප්‍රකට ගුවන්යානා නිපදවීමේ සමාගමක් වූ බෝයිං සමාගමට පසුගිය වසර එතරම් සාර්ථක වසරක් වුයේ නැති අතර ඒ එම කාලසීමාවේදී බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානා දෙකක් ඉන්දුනීසියාව හා ඉතියෝපියාවේදී අනතුරට පත්වීමෙන් ඒවායේ ගමන්කළ 346දෙනෙක් මියයාම හේතුවෙන්. අනතුරු සම්බන්ධව බෝයිං සමාගම වෙත […]