News Line| Off Air
Generic placeholder image

Dec
18

ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජූරිගෙන් නවතම ඡායාරූප පෙළක් – (Photos)

Generic placeholder image

ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජූරි මේ දිනවල කාගේත් කතාබහට ලක්වන ජනපි‍්‍රය චරිතයක් වී අවසන්. වසර 35 කට පසුව ශී‍්‍ර ලංකාවේ කාන්තාවක් ලෝක විවාහක රූ රැජින කිරුළ ලබාගැනීමේ ගෞරවය ඇයට හිමි වනවා. මේ ඇය පෙනී සිටි නවතම ඡායාරූප පෙළයි.


Dec
18

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට

Generic placeholder image

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරා මාරු කර පලායාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සදහන් කළා. ඒ හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ […]


Dec
18

හිටපු ඇමති පාඨලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිගෙන් නියෝගයක්

Generic placeholder image

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පලායාමේ චෝදනාව මත, හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.


Dec
18

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරයි

Generic placeholder image

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.


Dec
18

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Generic placeholder image

හෙරොයින් ග්‍රෑම් 720.2 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා දෙකකට වරදකරු වූ පාකිස්ථාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකුට වන අතර, ඔහු 2017 වසරේ ඔක්තෝම්බර් 27 වනදා හෙරොයින් සමග අත්අඩංගුවට ගනු […]


Dec
18

අගමැති හා මෙරට චීන තානාපති අතර හමුවක්

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව අද(18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී සාකච්ඡා කළ බව සදහන්. එමෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘතීන් පිළිබඳවද මෙහිදි සාකච්ඡා කළ […]


Dec
18

පාවෙන නත්තල් ගසක් බ්‍රසීලයෙන් වාර්තා වෙයි

Generic placeholder image

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ ඉදිකර ඇති පාවෙන නත්තල් ගසක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. රියෝද ජැනයිරෝහි වෙරළාසන්නයේ වාර්ෂිකව ඉදිකරනු ලබන පාවෙන නත්තල් ගස මෙවරත් දක්නට ලැබෙන අතර මෙම පාවෙන නත්තල් ගස පළමු වරට ඉදිකර තිබෙන්නේ 1996 වර්ෂයේදීයි. නත්තල් ගස පළමු වරට ආලෝකමත් කිරීම පසුගිය සෙනසුරාදා සිදුකෙරුණා. නත්තල් ගස ආලෝකමත් කිරීමට සමගාමීව අලංකාර ගිනිකෙලි සංදර්ශනයක්ද […]


Dec
18

අබාධිත රණවිරුවන් සමග පා ගමනේ යන සුනඛයෙක්

Generic placeholder image

ඉකුත් 10 වෙනිදා දින සිට අබාධිත රණවිරුවන් දෙදෙන් පා ගමනක නිරත වෙනවා. නගදීපයෙන් ගමන් ආරම්භ කෙරුණු ඔවුන් දෙදෙනා ඒ අනුව අද උදෑසන 06. 30 ට පමන බෙන්තොට පාලම අසලට පැමිණ සිටි බව වාර්තා වෙනවා. මේ අවස්ථාවේදී මෙම රණවිරුවන් දෙදෙනා පිළිගනු ලැබුවේ 581 බල සේනා අධිපති බ්‍රේගේඩියර් මනෝජ් ලමාහේවා මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් විසිනි. විශේෂයෙන්ම […]


Dec
18

වසර 63 කට පසු දුර්ලභ සූර්යග්‍රහණයක් ලබන 26 වෙනිදා

Generic placeholder image

එළඹෙන 26 වනදා විරල සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. වලයාකාර සුර්යග්‍රහණයක් වන මෙවැනි සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන්නේ වසර 63 කට පසුව බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙනවා. කෙසේවෙතත් මෙම සූර්යග්‍රහණය පියවි ඇසින් නැරඹීම අනතුරුදායක බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ චින්තන විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.


Dec
18

සත්‍ය කතාවක් ඇසුරින් නිමැවුණු චාපාක් ලබන ජනවාරියේ තිරගත කිරීමට සුදානමින්

Generic placeholder image

සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබුවා. ඒ අනුව එම චිත්‍රපටය 2020 ජනවාරි 10 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත බව සඳහන්. මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලකෂ්ඹි අග්‍රවාල්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කළ එකක් වෙයි. මෙම ‘චාපාක්’ චිත්‍රපටය මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.


Dec
18

ඉදිරි මහ මැතිවරණයට TNA සමග පක්ෂ 03 ක් එක්වෙයි

Generic placeholder image

ටෙලෝ, ප්ලොට් සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි යන දේශපාලන පක්ෂ ඉදිරි මහමැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ එක්ව තරගවැදීමට තීරණය කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඊයේ යාපනයේදී පැවති දෙමළ ජාතික සන්ධාන පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි. අදාළ සාකච්ඡාවට එම පක්ෂ 03නේ සාමාජිකයින් එක්ව සිටි බවද වාර්තා වෙනවා.


Dec
18

ජනපති ගෝඨාභයගෙන් තවත් ආදර්ශයක්

Generic placeholder image

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබෙනවා. එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයා අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරය උපදෙස් දී තිබෙනවා. එමගින් මෙතෙක් […]


News Articles
Latest Videos
Most Popular Post