News Line| Off Air
Generic placeholder image

Dec
19

පාඨලි යළි ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Dec
19

මස්කෙළිය රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක්

Generic placeholder image

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දෙන ලෙස බල කරමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අද දින උදෑසන සිට රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක නියැලී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. දමිළ ප්‍රගිතිශිලි සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය […]


Dec
19

MCC අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක්

Generic placeholder image

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවයි.


Dec
19

ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගයට අදාල නඩු විභාගය ලබන ජනවාරියේ

Generic placeholder image

දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වුණා. එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 197 ක් වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද 216 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතු වී තිබුණා. සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම […]


Dec
19

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කැලණි පාලම අසලින් කොළඹට ඇතුළු වන වාහන ධාවනය එක් මංතීරුවකට

Generic placeholder image

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කැලණි පාලම අබියසින් කොළඹ දෙසට පවතින එක් මංතීරුවක් අද සිට තාවකාලිකව වසා දමන බව මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ වන පාලම් කොටසේ ඉදිකිරීම් හේතුවෙන් වන අතර මේ අනුව අද සිට ලබන මස 20 වැනි දා දක්වා එම […]


Dec
19

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරගය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ආබාධයකට ලක් වු වේග පන්දු යවන […]


Dec
19

හිටපු අමාත්‍ය පාඨලී අද අධිකරණය හමුවට

Generic placeholder image

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය පිලිබදව එතුමා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු ඒ මහතා අද දිනය දක්වා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා. ඒ අනුව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යලිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු […]


Dec
19

පාස්කු ප්‍රහාරය විමර්ශනය කල කොමිෂන් සභා අතුරු වාර්තාව අද ජනපති හමුවට

Generic placeholder image

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කල ජනාධිපති කොමිෂන් සභාවේ අතුරු වාර්තාව අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කරන බවට වාර්තා වෙනවා. මෙම කොමිසමේ සභාපතිවරයා වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කටයුතු කල අතර ඉකුත් 06 වැනිදා සහ 07 වැනිදා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම කොමිසමට පැමිණ ප‍්‍රකාශ ලබා දී තිබුණා. මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක්ද […]


Dec
19

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ක්‍රියාත්මක කරන්න සහය දෙන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ජනපති ගෝඨාභය රාපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීම සදහා පාර්ලිමේන්තුවේදී උපරිම සහයෝගය ලබා දෙන බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිට්ටඹුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණා.


Dec
19

තවදුරටත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව විශේෂයෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ උතුරු – මැද පළාත්වලත් වයඹ, මධ්‍යම පළාත් වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Dec
18

ජනාධිපති ගෝඨාභය හදිසියේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා. එහිදී සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කළැ බව සදහන්. රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බව එහිදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව වහාම රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් […]


Dec
18

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේට නව ධුරයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ධුරයට හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post