සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියට අදාළව පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. සැකකරුවන් අද අධිකරණය […]
කටාන – දිසාගෙවත්ත ප්‍රදේශයේ රබර් සහ කොහු මිශ්‍ර කර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා මේ වනවිටත් ගිනි නිවන රථ දෙකක් යොදාගෙන ඇති බව සදහන්. මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා කොහු තොගයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමඟ යහපත් ද්විපාර්ශවික සබඳතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් සදහන් කළා. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවුඩයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ […]
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් ඊයේ රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොට්රි වතුයාය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින පොට්රි ඇළේ එල්බොඩ වත්ත ප්‍රදේශයෙන් එම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකුගේ නිල නිවස අසල ඇළ මාර්ගයේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ […]
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය පිළිබඳව අනාවරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගැනීමේ සිද්ධීන් පිළිබදව මෙම පුද්ගලයින් […]
පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 308කදී අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කලා. තරගයේ 5වන හා අවසන් දිනය වන අද තරගය ආරම්භයේ මුල් පන්දුවාර කිහිපය ක්‍රිඩා කිරීමෙන් පසුව පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කළා. ඒ අනුව පාකිස්ථානය මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කර තිඛෙනවා. පාකිස්ථානය […]
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඊයේ රාත්‍රී 08 සිට පැය 24 ක කාලයක් මෙලෙස කොළඹ 01,02,03,04,05,06,07,08,09,10,11,12,13,14,15, යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.
විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා සදහන් කළා. ඒ වෙනුවෙන් අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බව ඔහු පැවසුවා. එමෙන්ම මේ සදහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනා චාරිකාවේ නිරතවූ තරුණයන් 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොවුන් වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයස්වල පසුවන්නන් බව වාර්තා වුණා. ඔවුන් සතුව කේරළ ගංජා, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බව පොලීසිය ප්‍රකාශ කළ අතර […]
ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලැබුවා. එංගලන්තයේ ලන්ඩන් නුවරදී ඊයේ පැවති ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ ඕෆ්ලි මෙසිනෝටයි. ජයග්‍රාහී ටෝනි ඈන් සිං 23 හැවිරිදි සරසවි සිසුවියක වන අතර, ඇය ඇමරිකාවේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව හදාරනු ලබනවා. වෛද්‍යවරියක් වීම තම අපේක්ෂාව බව ඇය සඳහන් […]
ඉදිරි මහ මැතිවරණයෙදී තරග වැදීමට තීරණය කර ඇති ලකුණ පිලිබදව සිය පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ගැටළුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා. ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිලිබදව අවසාන තීරණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කතිකා කර ගන්නා බවයි වාර්තා වන්නේ.