ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ බංගලාදේශය සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන්ම දරුණු පරාජයක් ඉන්දීය කණ්ඩායම බංගලාදේශය හමුවේ ලබා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 කට රැස් කලේ ලකුණු 148 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා. ඒ අනුව 20යි […]
1918 පමණ නයගරා දිය ඇල්ල මුදුනේ ගල් පර අතර සිර වී තිබු නෞකාවක් වසර 100 කට මතු වී තිබෙනවා. මෙය කැනඩා දේශසීමාවෙන් නයගරා දිය ඇල්ල ඇද වැටෙන ආසන්න ප්‍රදේශයේ සිට ජල පහරවල වේගවත් භාවය නිසා මෙලෙස එම ස්ථානයෙන් ගසා ගෙන පැමිණ ඇති බව එම බලධාරීන් පවසනවා.
ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද විමසීම අද දිනයේත් රජයේ සේවා ස්ථාන තුල පැවැත්වෙනවා. ඒ අනුව අද දිනයේ සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට සිය තැපැල් ජන්දය භාවිතය සදහා අවස්ථාව හිමිවෙනවා.
ඊයේ රාත්‍රියේ දෙහිවල හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා. අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තවන් 17 දෙනෙකුද සිටින බවයි පොලිසිය සදහන් කරන්නේ. මෙම පිරිස දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සිට පැමිණි අය වන බවත් මෙහිදී කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත් දුම්වැටි, මත් පැන් තොගයක් අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව විනය පරීක්ෂණ ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මිට හේතුව වශයෙන් සදහන් වන්නේ පසුගියදා හිටපු ජනාධිපතිනි ‘ අපි ශ්‍රී ලංකා කදවුර නමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි වාර්තා […]
ඉදිරි ජනපතිවරණයට අදාල දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මිට ඉහතදී දේශපාලන පක්ෂ නායකයන් හා යාපනය විශ්ව විද්‍යාලය එක්ව කරුණු 13 කින් යුක්ත යෝජනාවලියක් ප්‍රධාන අපේක්ෂකයින් හට ඉදිරිපත් කලද ඒ කිසිවෙකුගෙන් ඒ පිලිබද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඒ අනුව අද වව්නියාවේදී මෙම දෙමල සියලු දේශපාලන පක්ෂ ඒකරාශී වී […]
ජනපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සදහා අද දිනය විශේෂ දිනයක් ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනතාව අද දිනය තුල පුළුවන් හැකි පමණින් නිවෙස් තුල රැදී සිටමින් ඒ සදහා සහය පළ කරන ලෙස එම කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත් වලට අද සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං ද අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
යොවුන් පරපුර ඩිජිටල් විප්ලවයක් හරහා නව තාක්ෂණය හා එක්කිරීමට කටයුතු කරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. බුලත්සිංහල නගරයේ ඊයේ පස්වරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ බුලත්සිංහල නගරයේදී පැවැත්වුණා.
2019 රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය අද ජපානයේ යොකොහමා හිදී පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2 යි 30 ට තරගය ආරම්භ කිරීමට නියමිතයි. රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත් වූ අතර එම තරගයේදී ඔවුන් අතින් පරාජයට පත් වුයේ වේල්ස් කණ්ඩායමයි.
පර්ෆියුම් කියන්නේ අද කාලේ විශේෂයෙන් තරුණ ගැහැණු පිරිම දෙපාර්ශ්වයටම ඉතාම වැදගත් දෙයක්. නමුත් පර්ෆියුම් තෝරා ගන්න කොට තමන්ට ගැළපෙන හරි විදියේ එකක් තෝරාගත යුතුයි. පර්ෆියුම් එහෙම නැත්නම් සුවද විලවුන් වුණත් පාවිච්චි කරන්න නිවැරදි ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ගැන දැන ගන්න මේ කරුණු ටික බලන්න. 01. එක එක සුවද පර්ෆියුම් වර්ග එක එක විදියේ සුවද විලවුන් […]
අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ට දැනුම් දීමක් සිදුකළා. එම අලුත්වැඩියා කටයුත්ත සති අන්තයේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.