News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

රට කෙළෙසූ කිසිඳු අයෙකුට තමාගේ අත්සනකින් කිසිඳු පත්වීමක් ලබා නොදෙන බවට සජිත්ගෙන් සහතිකයක්

Generic placeholder image

ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මේ රට දුෂණය වංචාව පැතිර වූ කිසිම කෙනෙකුට තම අත්සනින් කිසිම පත්වීමක් ලබා නොදෙන බවයි. තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන්නේ දෑත් පිරිසුදු අයට පමණක් බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ. විශේෂයෙන්ම බලයට පත් වූ පසු දැනට […]


Oct
31

කොරියානු චිත්‍රපට දැක්මක් ලබන මස මුල සිට

Generic placeholder image

ලබන නොවැම්බර් මස 08 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී කොරියානු චිත්‍රපට දැක්මක් පැවැත්වීමට කොරියානු තානාපති කාර්යාලය කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව ලබන 08 වෙනිදා – ලිට්ල් ෆොරස්ට්, 09 වෙනිදා – ස්ටෑන්ඩ් බයි මි , 10 වෙනිදා – ටනල් , 11 වෙනිදා – රන් ඔෆ් යන චිත්‍රපට මෙම […]


Oct
31

කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න – දෙමළ දේශපාලන පක්ෂ එම රාජ්‍ය සේවකයින්ට කියයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වූ අතර දෙමල රාජ්‍ය සේවකයන් හට සිය කැමැත්ත අනුව ජන්දය ප්‍රකාශ කල හැකි බව එම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටිනවා. ‍යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය හා දෙමළ දේශපාලන පක්ෂ විසින් කරුණු 11 යුක්ත යෝජනාවලියක් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් හට ඉදිරිපත් කර තිබුනද එය කිසිම අපේක්ෂකයෙක් […]


Oct
31

ට්විටර් ඔස්සේ ප‍්‍රචාරය වන සියලු දේශපාලන දැන්වීම් අත් හිටුවයි

Generic placeholder image

බොහෝ දේශපාලන දැන්වීම් මේ වන විට පළ වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. විශේෂයෙන්ම මේ හේතුවෙන් එය සමාජයට අනිසි බලපෑමක් එල්ල කරන බව පැහැදිලිව දකින්නට තිබෙන බව කරුණක් බව පෙනෙන්නට තිබෙනවා. මේ හේතුවෙන් ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක ජැක් ඩෝර්සි ප්‍රකාශ කරන්නේ ටිව්ටර් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සියලු දේශපාලන දැන්වීම් ලබන නොවැම්බර් 22 වැනිදා සිට […]


Oct
31

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වේ

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද මහනුවර ක්වීන්ස් හෝටලයේදී ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


Oct
31

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද සිට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයට අදාල ලක්ෂ 06 කට අධික රාජ්‍ය සේවකයින්ගේ සදහා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයි හට අද අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව තම සේවා ස්ථානයේදී පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්තාව හිමිවෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. මේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් […]


Oct
31

දිවයින පුරා සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපර්තුම්නේතුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා […]


Oct
30

හැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි රාජ්‍ය ඇමති වසන්තගෙන් එජාපයට අභියෝගයක්

Generic placeholder image

තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති පරිදි හැකි නම් තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙස ඔහු කියා සිටියා. කිසිදු චෝදනා […]


Oct
30

තැපැල් ඡන්ද විමසීම අධියර 3 කින්

Generic placeholder image

2019 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අධියර 3 ක් යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී හේරත් මහතා කියා සිටියා. ඒ අනුව පොලිසිය සහ දිස්ත්‍රීක්ලේකම් කාර්යාල හැර සියලුු රාජ්‍ය ආයතනවලට අදාල ඡන්ද විමසීම හෙට සහ අනිද්දා […]


Oct
30

තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Generic placeholder image

හෙට (31) සහ අනිද්දා (01) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. ඒ අනුව පොලිස් ජංගම, යතුරුපැදි සහ පාමුර සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂාව ලබාදීමට කටයුතු කර […]


Oct
30

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම හෙට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ සාක්ෂි ලබා ගැනීම හෙට (31) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 02.00 සිට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිශන් සභා කාර්යාල පරිශ්‍රයේදී සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කෙරෙන බව එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් මහතා පැවසුවා. මෙම සාක්ෂි ලබාගැනීමේ කටයුතු සාමාන්‍ය ජනතාවට සහ […]


Oct
30

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සදහා යෙදීම තහනම්

Generic placeholder image

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු හෝ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා සහභාගිවීමට භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කරනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සිය නිල වාහන ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ බැහැරව පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට සහභාගිවීමට හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර්, අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බවට වාර්තා වී ඇති […]


News Articles
Latest Videos
Most Popular Post