මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා හැරීමේ කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වි ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ අදාල බෙදා හැරීම් කටයුතු සිදු කරන තැපැල් සේවකයින්ට වැසි කබා ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි. මෙම සියලු නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා ලබන […]
ජනපතිවරණය ට අදාල ඉදිරි කටයුතු පිළිබඳව කතිකා කිරීමේ අරමුණෙන් අද මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂවල නියෝජිතයන් අතර හමුවක් පැවැත් වීමට නියමිත බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කලේ ඉදිරි මැතිවරණ කටයුතු පිලිබද දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අරමුණෙන් මේ පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි.
දිවයිනේ බොහෝ පාලත් වලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව දිවයිනට නිරිත දිග ප්‍රදේශයේ වායුගෝලයේ පවතින වැසි තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ අවධානමක් ඇති විය හැකි බැවින් ඒ පිලිබදව ධීවර හා නාවික […]
ඉකුත් සිකුරාදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක අඩි 88 ගැඹුරු ස්ථානයක ළිං කුහරයක සුජිත් විල්සන් නැමති වයස අවුරුදු 02 ක පමණ කුඩා දරුවෙකු ළිඳකට වැටී සිර වී සිටි පුවතක් පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර අතර ඊයේ(28) රාත්‍රියේ මෙම දරුවා මිය ගිය බව තවදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. දින ගණනාවක අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් දරුවා බේරා ගැනීමට […]
අබු බකර් අල් බග්ඩාඩි සිරියාවේ ඇමරිකානු මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අයි.එස්. සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස ඔහුගේ සමීපතම සගයෙකු වන අබ්දුල්ලා කර්ඬේෂ් පත්කරගෙන ඇති බව වාර්තා වනවා. ඉරාකයේ සදාම් හුසේන් හමුදාවේ නිලධාරියෙකු වූ ඔහු 2003 වසරේ බග්ඩාඩි සමඟ ඉරාකයේ සිරගත වී සිට ඇති බව සඳහන්. කෲරත්වයෙන් බග්ඩාඩි අභිබවා ගිය ද අයි.එස්. අනුගාමිකයන් අතර ජනප්‍රිය […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
දිවයින අවට වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී ඌව,දකුණ,බස්නාහිර හා නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයකට මිලි මීටර් 150ත් 200ත් අතර අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. දින ගණනාවක් පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම්ද වාර්තා වී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වන්නිතිව්, රත්මල්යාය, තිල්අඩිය ඇතුළු ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයක් හටගෙන […]
විවේක සුවයට වඩා සක්‍රීය දේශපාලනයට තමන් ඇලුම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට එරෙහි දෙවන 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියා ප්‍රභල වේග පන්දු යවන්නෙකු වන මිචෙල් ස්ටාර්ක් ඉවත් වී තිඛෙනවා. සිය සෙහොයුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට සිදුවීම ඊට හේතු වී ඇති බව සදහන්. ස්ටාර්ක් වෙනුවට නවක වේග පන්දු යවන්නෙකු වන බිලී ස්ටෙන්ලෙක් කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි විදෙස් පුවත් සඳහන් කළේ. ඔහුට අමතරව ශෝන් ඇබට් කෙරෙහිද […]
සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් ඇතුලු පිරිසක් පසුගිය දිනෙක මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී තිබෙනවා. ඉතා දුෂ්කර පාසලක් වන එම පාසලේ දරුවන්ට ඔහු අතින් එහිදී කී‍්‍රඩා උපකරණ බෙදා දීමක් සිදුකර ඇති බව සදහන්. එමෙන්ම මහියංගණය වටවන කණිෂ්ඨ විදුහලේ දරුවන් සමග සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම් දිල්ෂාන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙද් යෙදෙමින් එහිදී ඔවුන් […]
තමිල්නාඩුවේ – නඩුකට්ටුපට්ටි ප්‍රදේශයේ අත්හැර දමන ලද අඩි 100 ක් පමණ ගැඹුරු නළ ළිඳක සිරවී සිටින දෙහැවිරිදි කුඩා දරුවා බේරාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පසුගිය සිකුරාදා ඔහු නිවසට යාබදව සෙල්ලම් කරමින් සිටියදී මෙම ළිඳට වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. සිකුරාදා පස්වරු හයේ සිට ආරම්භ කළ මුදාගැනීමේ මෙහෙයුම් පැය 50 කටත් අධික […]
චීනයේ – ගැන්සු ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 5.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. අද අලුයම් කාලයේ ඇති වූ මෙම භූ කම්පනය අසල්වැසි ටියැන්ෂුයි සහ ලැන්ෂෝ නගරවලට ද දැනී ඇති බව එරට වාර්තා සදහන් කළා. කිලෝමීටර් 10 ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හට ගත් බව චීනයේ භූ කම්පන මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙනවා. භූ […]