කාසල්රි ජලාශයේ ජල මට්ටම පහත වැටිමත් සමග ජලාශයේ අනවසර මැණික් ජාවාරම්කරුවන්ගේ පරාදිසයක් බවට පත් වි ඇති බව එම ජලාශයේ ධිවරයන් පවසයි. ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටිමත් සමග මතු වි ඇති දුපත් වල රාත්‍රි කාලයේ විශාල වලවල් හාරා එම වලවල් තුල තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගෙන ජලාශයටම සෝදන බවයි ධිවරයන් කියා සිටින්නේ. කාසල්රි ජලාශයට පිවිසෙන […]
බන්ධනාගාර නියාමකවරුන්, ජේලර්වරුන්,හා පුනරුත්ථාපන නිලධාරීන් 1275 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ යටතේ පිරිමි නියාමකවරුන් 1068 ක්, කාන්තා නියාමකවරියන් 110 ක්, දෙවන පෙළ පිරිමි ජේලර්වරුන් 69 ක් , දෙවන පෙළ කාන්තා ජේලර්වරුන් 10 ක් ,දෙවන පෙළ පිරිමි පුනරුත්ථාපන නිලධාරීන් 15 ක් හා දෙවන පෙළ කාන්තා පුනරුත්ථාපන නිලධාරීන් 03ක් වශයෙන් බඳවා […]
විදුලි අර්බුදයට හේතුව ආණ්ඩුවේ නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘ පිලිප් ගුණවර්ධනයන්ගේ 47 වන ගුණ සමරු උත්සවයට කොළඹදී ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්ව ඇති බව ‘අද’ට වාර්තා වේ. එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීමට නොහැකි බවත් එය වළක්වාලන නියෝගයක් ක්‍රිකට් ආයතනයට නිකුත් කරන ලෙසත්ය. ක්‍රිකට් ආයතනයේ විධායක […]
නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු වුණා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
ගායක නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබේ. නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇති අතර, මොහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළේ. ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා. […]
තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා. ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මෙ ආකාරයෙන් සඳහන් කළාය. රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බව […]
මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.
මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “නිසැකවම කියනවා ඊළඟ ජනපති වෙන්නෙත් රෙද්ද බැනියම අඳින කෙනෙක්. මට ඕන ප්රජාතන්ත්රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පසුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථා කළ මාධ්‍යවේදින්ට හා […]
පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (27දා) පාරලිමේන්තුවේදී අමාත්‍යවරයා මේබව පවසා සිටියේය. පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය […]
ඉදිරි ජනපතිවරණය නොවැළැක්විය හැකි හේතුවක් මත පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් තියන්න බෑ. මොකද දැන් ඉන්න ජනාධිපතිත් හිටපු ජනපතිවරුත් තමන්ගේ කාලය තුළ විධායක ජනපතිධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණ කට්ටිය. […]
ඇමැති පාඨලී චම්පික රණවකගේ වාහනයේ ගැටී තවමත් රෝගීව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්යැ ප්‍රතිකාර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.