News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

යසන්ත කෝදාගොඩ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි

Generic placeholder image

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු වුණා. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.


Mar
28

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයාගේ සේවය අත්හිටුවයි

Generic placeholder image

ගායක නදීමාල් පෙරේරා සමඟ පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර නැමැත්තාගේ සේවය අත්හිටුවා තිබේ. නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් මෙලෙස සේවය අත්හිටුවා ඇති අතර, මොහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළේ. ඊයේ දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළා. […]


Mar
28

මං කරපු විදිහට කරා නම් විදුලි අහේනියක් නෑ – චන්ද්‍රිකා

Generic placeholder image

තම රජය සමයේ නොරොච්චෝලය ඉදි කිරීම සඳහා බාර දුන් චීන ආයතනයට ලබා දුන්නේ නම් මෙවැනි ආකාරයට රට තුළ විදුලි අහේනියක් සිදු නොවන බව හිටපු ජනාධිපති චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා. ඊයේ(27) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මෙ ආකාරයෙන් සඳහන් කළාය. රට තුළ ඇති විදුලි බලාගාර ගණනාවක් තම රජය සමයේ ආරම්භ කළ ඒවා බව […]


Mar
28

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ අප්‍රේල් 03

Generic placeholder image

මත්ද්‍රව්‍යවලට එරෙහිව “බක්මහ දිවුරුම“ නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.


Mar
28

මීළඟ ජනපති ගැන වෙල්ගමගෙන් ඉඟියක්

Generic placeholder image

මීළඟ ජනපති ලෙස පත්වන්නෙත් රෙද්ද හා බැනියම අදින කෙනෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. “නිසැකවම කියනවා ඊළඟ ජනපති වෙන්නෙත් රෙද්ද බැනියම අඳින කෙනෙක්. මට ඕන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ඒ වගේම පළි ගන්නේ නැති නායකයෙක්. පසුගිය රජයවල් හැම එකක්ම රජයට විරුද්ධව කථා කළ මාධ්‍යවේදින්ට  හා […]


Mar
28

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමට නව චක්‍රලේඛයක්

Generic placeholder image

පාසල්වලට ළමයින් ඇතුළත් කරගැනීමේදී දරුවන් සහ දෙමවුපියන්හට මුහුණදීමට සිදුවන සියලු දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ළමයින් ඇතුළත්කරගැනීමේනව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාලික මහතා පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (27දා) පාරලිමේන්තුවේදී අමාත්‍යවරයා මේබව පවසා සිටියේය. පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය […]


Mar
28

ජවිපෙනුත් ජනාධිපති අපේක්ෂකයෙක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය නොවැළැක්විය හැකි හේතුවක් මත පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ දෙකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් තියන්න බෑ. මොකද දැන් ඉන්න ජනාධිපතිත් හිටපු ජනපතිවරුත් තමන්ගේ කාලය තුළ විධායක ජනපතිධුරය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණ කට්ටිය. […]


Mar
28

චම්පිකගේ වාහනයට හැප්පුණු තරුණයාට ජනපතිගෙන් මුදල් ත්‍යාගයක්

Generic placeholder image

ඇමැති පාඨලී චම්පික රණවකගේ වාහනයේ ගැටී තවමත් රෝගීව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්‍යැ ප්‍රතිකාර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.


Mar
28

මධූෂ් වෙනුවෙන් ඥාති කාන්තාවක් ගොනුකළ පෙත්සම ඉවතට

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන, නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ ඥාති කාන්තාවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට, අවසර ලබා දීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.


Mar
28

ලංවිම ඉන්ජිනේරුවෝ වැස්ස ඉල්ලා පැන් පූජාවක

Generic placeholder image

නිසි ආකාරව වැසි ලැබී විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වන පැන් පූජාව අද (28) සහ හෙට (29) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස පැවැත්වෙනවා


Mar
28

පෙරාමුල්ලේ සමීර ඇතුළු 4 දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පෙරාමුල්ලේ සමීර’ නොහොත් මධුරංග ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු හෙරොයින් 106g සමග හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේදී STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.


Mar
28

විදුලි හිඟයට යෝජනා හතරයක්

Generic placeholder image

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ නිවෙස් තුළ ඇති අනවශ්‍ය විදුලි පහන් දෙකක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථාවනල විදුලි […]


News Articles
Latest Videos
Most Popular Post