දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණවලට අමතරව කිසිඳු කොන්දේසියකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු තැන දෙමළ ජාතික සන්ධානය සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු පෙන්වා දෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් මුදල් හා අමාත්‍යධූර ලබා ගෙන දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය දැක්වීමට යන බවට පැතිර යන ආරංචි නිසා දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් […]
හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදූ 21 ත් 36 ත් අතර වයස් කාණ්ඩවල පසුවන රනාල සහ ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අද හංවැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි හෝටල් පරිශ්‍රයකදි එහි හිමිකරු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර […]
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව ලොව අන් රාජ්‍යයන් නැගී සිටිය යුතු බව ඉරාන නායක අයතොල්ලා අල් කමේනි පවසනවා. එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන නායකයා සදහන් කලේ 1979 වසරට පෙර ඇමෙරිකාව ලොව පුරා පතුරුවාගෙන සිටි ආධිපත්‍යය යළි ව්‍යාප්ත කිරීමට ට්‍රම්ප් උත්සාහ දරන බවයි. නමුත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවත් ට්‍රම්ප් ප්‍රතිපත්ති විරෝධී […]
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ සිටියදී සිදූ කල අක්‍රමිකතා පිළිබද සෙවීමට කොමිසමක් පත් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. එහි සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන අවසන් පුහුනු සැසි අද ආරම්භ කිරිමට නියමිතයි අද සහ හෙට එම පුහුනු සැසි පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 06 වනදා ආරම්භ වනු ඇති
සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කිරීම මේ මොහොතේ නීති විරෝධී බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක පවසා සිටිනවා.ඔහු පෙන්වා දෙන්නේ බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු හෝ පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පමණක් නොව සම්ප‍්‍රදායන්ටද අනුකූල නොවන බවයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ […]
අමාත්‍යධූර ලබා ගෙන ඇති පිරිසෙන් 08දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක් වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණඩාර පවසනවා. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වී ඇති බවයි මන්තී‍්‍රවරයා පවසා සිටියේ. එහිදී “බොහෝ දෙනෙක් දිවුරුම් දුන්නේ මේ අයගෙන් බේරෙන්න බැරි නිසා. ඡන්දය දවසට ඒ අය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටියි.” යනුවෙන් ප්‍රකාශ […]
පාර්ලිමේන්තුව කැඳවීම ප‍්‍රමාද වන්නේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් විම සඳහා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටිනවා. එතුමා මේ බව සඳහන් කලේ අල්ජසීරා නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසන්නේ දැනටමත් තමන්ට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් ඉන්නා බවයි. තම පත්වීම ව්‍යවස්ථාවට අනුව පරිපූර්ණ බවද තමා තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවද මහින්ද රාජපක්ෂ මහතා ඒ […]
තමන්ව මුදලට ලබා ගැනිමට උත්සාහ දැරූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා අරලියගහ මන්දිරයේ අද පැවති මාධය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන්කලේ ආණ්ඩුවේ අමාත්‍යධූරයක් වෙනුවෙන් තමන්ව මුදලට ලබා ගැනීමට උත්සාහ කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර හට ආන්ඩුවෙන් එක්වන්නැයි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුරකථනයෙන් සිදු කල සංවාදනයක හඩ පටයක් […]
පාර්ලිමේන්තුව කැදවන දිනය පිළිබද ජනාධිපතිතුමාගේ තීරණය අද පස්වරුවේ කතානායකවරයාට දැනුම් දීමට නියමිතයි. කතානායක මාධ්‍ය අංශය සදහන් කලේ ජනාධිපතිතුමාගේ දැනුම් දීමට අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැදවීමේ දින ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. කතානායක කරූ ජයසූරිය මහතා හා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද කතානායක නිල නිවසේදි පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව කතානායකවරයා විසින් ජනාධිපතිතුමා දූරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ලබන […]
ඉන්ධන මිල අඩු කිරීමට පසුගියදා රජය පියවර ගැනීම හේතුවෙන් රථවාහන මිල ද ඉදිරියේදී අඩු විය හැකි බවට වන අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටිනවා. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගත්ත ද රථවාහනවල මිල ඉදිරියේදි අඩුවිය හැකි […]
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු වශයෙන් කටයුතු කරමින් අරලියගහ මන්දිරය රජයට භාරදීමට පියවර ගන්නා ලෙස පැවිදි හඬ සංවිධානය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ එම මන්දිරයේ ගෞරවයට හානි නොකර එම නිළ නිවාසය රජයට භාරදීමට පියවර ගන්නා ලෙසටයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ […]