මේ අවුරුද්දේ වෙසක් පොය යෙදිලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය යෙදිලා තියෙනවා. ඒ නිසා මැයි දින සැමරුම් වෙනත් දවසක යොදා ගන්න කියලා මහා නායක හිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අද තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරේ මැයි දින සැමරුම් මැයි 07 වෙනිදා යොදා ගන්නයි.
ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දැන් බලන් ඉන්නේ කවද්ද ප්‍රතිඵල එන්නේ කියලා. මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන හිටිය දවස හෙට උදා වෙනවා කියලා විභාග දෙපාර්තුමේන්තුව කියනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා. විභාගයට පෙනී සිටිය අපේක්ෂකයන් අතරින් 696 කගේ ප්‍රතිඵල අතිහිටුවලා තියෙනවා කියලත් විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරා.
චාමර වීරසිංහ කියන්නේ රසිකයන්ගේ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ඒ ඔහුගේ තියෙන නිහතමානීකම සහ සරල බව නිසා. ඇත්තටම වෙලාවකට චාමර වීරසිංහ කියන්නේ උන්මාදයක්. ඒ නිසා තමයි සමහරු චාමරගේ රුව tattoo එකක් විදියට කොටා ගන්නේ. තවත් සමහරු පැන්සල් තුඩින් චාමරව චිත්‍රයට නගන්නේ. ඒ අතරේ තවත් තරුණයෙක් චාමර වෙනුවෙන් අපූරු වැඩක් කරලා තිබ්බා. ඒ ඔහු චාමරගේ රුව ලස්සනට […]
Facebook සමාගමට මේ ගෙවෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. හතර වටෙන්ම Facebook එකට චෝදනා එල්ල වෙනවා. ඒ Facebook Accounts වල තොරතුරු ආරක්ෂා නොකිරීම නිසා. කේම්බ්‍රිජ් ඇනලිස්ටික් සමාගම ඇමෙරිකානු ජනාධිපතිවරණයට Facebook Accounts මිලියන 50 ක විතර තොරතුරු අරගෙන තිබ්බා. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ තොරතුරුත් මේ විදියට හොරෙන් අරගෙන තියෙනවද? මොනවද අරන් තියෙන තොරතුරු කියන […]
මේ වෙද්දි අන්තර්ජාලයේ සහ සමාජ ජාලා වල ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා. හබැයි ඒ හැම වෙබ් අඩවියකින්ම 100% ක් ඇත්තම දේවල් පළ වෙන්නේ නෑ. ඒ නිසා ගොඩා වෙලාවට ජනතාව නොමග යන්න තියෙන ඉඩ වැඩී. ලංකාවේ තියෙන මේ තත්වයම මැලේසියාවෙත් තියෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යාජ පුවත්වලට වැට බැඳීන්න මැලේසියානු රජය තීරණය කළා. ඒ අනූව බොරු පුවත් […]
දකුණු අප්‍රිකාව සමග තරගය අතරතුර ගිය සෙනසුරාදා ඕස්ටේලියානු ක්‍රීඩකයන් සැලසුම් සහගතව පන්දුව පලුදු කිරීම ගැන මේ වෙද්දී මුලු ක්‍රිකට් ලෝකයම කතා කරන්න පටන් අරං. එංගලන්තයේ උපත ලබපු මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙන ක්‍රිකට් වලට පහුගිය කාලෙම මේ වගේ ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් වලින් හානි සිදුවුණා. ඒ නිසාම නායක ස්ටීව් ස්මිත් ඇතුලු ඕස්ටේලියාවේ ක්‍රීඩකයන් මේ කරපු දේ ඕස්ටේලියාවේ රජය […]
Music Video කලාවට ලංකාවේ දැන් තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ නිසා Music Video වල රඟපාන නිළියන්ටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ නිසා සමහර නිළියන් Music Video එකක රඟපාන්න ලොකු මුදලක් ය කරනවා. ලංකාවේ වැඩිම මුදලක් අය කරන මිල ගන්න ඔබ ජීවිතේට හිතලවත් නැතුව ඇති. විශේෂත්වය තමයි මේ නිළියන් 5 දෙනාම ආන්දෝලනාත්මක Music Video වල රඟපාන අය වීම. […]
හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක් භාවිතා කල වෙඩි නොවදින මෝටර් රථ සහ ජීප් රථ 8 ක් ඊයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මහ මුහුදේ ගිල්වා දැම්මා. හිටපු ජනාධිපතිවරු වන ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් භාවිත කල වෙඩි නොවදින රථ 25 ක් මේ විදියට මහා මුහුදේ ගිල්වන්න සූදානම් කරලා තිබ්බා. […]
අද 2018 මාර්තු මස 20 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.18 සිට 04.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.14 සිට 04.43 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය එඩිතරව වැඩ කටයුතු කරගෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව අවංකව කටයුතු කළහැකි දිනයකි. නායකත්වය ලැබෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු බොහෝමයක් වඩාත් […]
පහුගිය සෙනසුරාදා රාත්‍රිය ශ්‍රී ලාංකේය රූපවාහිනී නාළිකා වලට වැදගත් දවසක් වුනා. ඒ ලංකාවේ රුපවාහිනී නාළිකා වල වැඩසටහන් අගය කරලා ලබාදෙන රයිගම් රූපවාහිනි සම්මාන උළෙල නිසා. මේ සම්මාන උළෙලේදී තරඟකාරී රූපවාහිනී නාළිකා අතරින් සම්මානයක් ලබා ගැනීම, ඇගයීමට පාත්රවීම හැම නාළිකාවකම බලපොරොත්තුවක්. ඉතින් පහුගිය දවසක පැවැත්වුන රයිගම් රූපවාහිනි සම්මාන උළෙලේදී සම්මානයක් ලබාගන්න සියත TV නාළිකාව සමත් වුනා. […]
පහුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී සැලසුම් සහගතව පන්දුව පලුදු කළ වරදට ඕස්ට්‍රේලියානු රජය වගේම ICC යත් දඩුවම් කළා. මේ වෙද්දී ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට ක්‍රිකට් ක්‍රීඩාවේ ජිවගුණයට හානි කළ වරදට ඉන්දියාවත් ස්ටීව් ස්මිත්ට දඩුවම් කරන්න තීරණය කරලා. මේ පාර IPL තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය හිමිවුණේ ස්මිත්ට. හැබැයි මීට ටික වෙලාවකට කලින් […]
සීගිරිය කියන්නේ අපේ රටේ තියෙන ලෝක උරුමයක්. ලංකාව අතීතයේදී කොච්චර දියුණුද කියලා පෙන්වන්න තියෙන හොඳම උදාහරණයක්. ඒ නිසාම තවමත් සීගිරිය සහ ඒ අවට ප්‍රදේශ වල පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැනීම් කටයුතු කරගෙන යනවා. ඒ විදිහට සීගිරියේ උතුරු දිය අගලේ කරපු කැනීමක දී ටෙරාකොටාවලින් හදපු සිංහ රූපයක් හම්බවෙලා තියෙනවා. මේ මගින් සීගිරිය සම්බන්ධව ඉතා වැදගත් කරුණු රැසක් […]