News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

මැලේරියාවෙන් නිදහස් වූ රටක් ලෙස චීනය නම් කෙරේ

Generic placeholder image

මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගත වූ වසර 04ක කාලය තුල එරට ජනගහනයෙන් මැලේරියා රෝගය වාර්තා නොවූ බවයි.


Jun
30

මොඩර්නා එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සදහා අවසර

Generic placeholder image

අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අවසර ලබා දී තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, කොවැක්සින් සහ ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ එන්නත්කරණය සඳහා යොදාගෙන තිබෙනවා. ඉන්දියාව පුරා මේ වන විට ව්‍යප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත වඩාත් ඵලදායී බව තහවුරු වී තිබෙන බවයි පැවසෙන්නේ.


Jun
30

නිරෝධායන නීති කඩ කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පිරිසක් නිරෝධායනයට

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අදාල පිරිස එම ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති අතර දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිසිය සදහන් කරන්නේ.


Jun
30

හුදකලාබව ඉවත් කෙරුණු ප්‍රදේශ

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර තිබූ කළුතර, ගම්පහ, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ කිහිපයක අද උදෑසන සිට හුදකලාබව ඉවත් කර තිබෙනවා. එලෙස හුදකලා බව ඉවත් කෙරුණු ප්‍රදේශ පහතින්,


Jun
30

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 08ක් වතුර නෑ

Generic placeholder image

හික්කඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව ගොනපිනුවල, කහව, දොඩන්දූව, හික්කඩුව සහ බද්දේගම නගරය යන ප්‍රදේශවලට අද පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.


Jun
30

දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

අද උදෑසන 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සදහන් කරනවා. ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින්. මේ පිලිබදව සදහන් කරමින් වැඩි දුරටත් දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ, “පසුගිය මාස කිහිපයක සිටම ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ […]


Jun
30

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට සවස් කාලයේ වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර […]


Jun
29

මියගිය කැස්බෑ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

Generic placeholder image

මියගිය කැස්බෑවකුගේ සිරුරක් අදත් මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. අදාල මියගිය කැස්බෑ සිරුරේ බර කිලෝග්රෑම් 50 අධික බවයි වාර්තා වන්නේ. ගිනි ගැනීමට ලක් වූ xpress parl නෞකාවෙන් මෙරට මුහුදු කලාපයට සිදු වූ බලපෑම නිසා මුද්‍ර ජීවින් බොහෝ පිරිසක් මිය යාම ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මේ දක්වා මියගිය කැස්බෑවන්ගේ සිරුරු 150 කට අධික […]


Jun
29

දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති ජැකොබ් සූමාට එරට අධිකරණයෙන් මාස 15ක සිර දඬුවමක්

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජැකොබ් සූමා ට එරට අධිකරණය විසින් මාස 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව පැවසෙන දුෂණ පිලිබදව පරීක්ෂණයක් සදහා ඉදිරිපත්වන ලෙස නියෝග කර තිබුනද එය නොසලකා හැරීම නිසාවෙන්. අදාල නියෝගය නොසලකා හැරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සලකා මෙලෙස දඬුවම් නියම කර තිබෙනවා.


Jun
29

ආසාදිතයින් 2,222කට සුවයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
29

එන්ගලන්තේ ගිහින් කෙරුවේ ඕවද මයේ පුතේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ ආගම ජාති භේද පැත්තකින් තොරව අපි කවුරුත් ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතු වෙලා ආසාවෙන් බලන ක්‍රීඩාවක්.. නමුත් ක්‍රිකට් සම්බන්ධයෙන් මේ කාලේ අපිට අසන්නට ලැබෙන දේවල් ගැන එතරම් සතුටු වන්නට නම් බැහැ. ඒ ගැනයි මේ…


Jun
29

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. කොවිඩ් වසංගතය තත්වය පාලනය කෙරු ප්‍රාන්ත ගණනාවක්ම මේ වන විට යළිත් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවයි පැවසෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 19 දෙනෙක් හඳුනාගෙන තිබෙන අතර ෆිජී දූපතේ ද මේ වන විට දරුණු ලෙස වසංගත තත්වයට ගොදුරු […]


News Articles
Latest Videos
Most Popular Post