News Line| Off Air
Generic placeholder image

Jun
25

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් කොවිඩ් -19 වෛරසය පවතින කාලය අතරතුර ශ්‍රී ලාංකිකයින් සදහා විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ රාජකාරි සිදුවන ආකාරය පිලිබදව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


Jun
25

රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත්

Generic placeholder image

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කල අතර එය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මරණ දඞුවම හිමිවු රැඳවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට හිමි වූ මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙසයි.


Jun
25

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද ලිහිල් කෙරේ

Generic placeholder image

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරූණා. මාසයකට ආසන්න කාලයක් පනවා තිබු සංචරණ සීමා ඉකුත් 21 වෙනිදා ඉවත් කෙරුණු අතර යළි ඉකුත් 23 වෙනිදා රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද අලුයම 4.00ට පැවැත්වුණා.


Jun
25

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් වැසි ඇති වේ. වයඹ සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]


Jun
24

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගනී

Generic placeholder image

පිටකොටුවට බෝධිරාජ මාවතේ පිහිටි වෙළෙඳසැල් දෙකක ගින්නක් හටගෙන තිබෙන අතර ඒ ගින්නෙන් අදාල වෙළෙදසැල් දෙක සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා. ගින්න අද අලුයම් කාලයේ හටගෙන තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.


Jun
24

පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව

Generic placeholder image

පොසොන් පොහොය නිමිත්තෙන් අද දිනයේ සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබෙනවා. මේ අතර LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.


Jun
24

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

අද අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එම ප්‍රදේශ පහතින්,


Jun
24

උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි

Generic placeholder image

බුදු දහම මෙරටට දායාද වුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. සදාචාරවත් දැහැමි සමාජයකට මුලාරම්භය සනිටුවන් කල ඒ උතුම් මහින්දාගමනය සිදු වූණු දිනය අදයි. මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවන් කෙරූ දිනයක් ලෙස පොසොන් පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වෙනවා. එමෙන්ම බුදු පියාණන් වහන්සේ පළමු වරට රුවන් ගෙයි වැඩ හිදමින් සවණක් ඝණ බුදු […]


Jun
23

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද

Generic placeholder image

තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 11.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.


Jun
23

නීති විරෝධීව ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් හමුවෙයි

Generic placeholder image

චීනයේ සිට ආනයනය කල අඩි 40 බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තුල තිබී නීති විරෝධි ව ආනයන කල චීනයේ නිෂ්පාදිත සිගරැට් තොගයක් සොයා ගන්නා ලදි. මෙම බහාලුම ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ආයතනයක නමින් මෙරටට ආනයනය කර ඇති අතර එහි මළු 1,415 ක අඩංගු යන්ත්‍රෝපකරණ සහ අමතර කොටස් […]


Jun
23

ආසාදිතයින් 1,358ක්

Generic placeholder image

අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,358ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Jun
23

සිඩ්නි නගරයේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක්

Generic placeholder image

සීඝ්‍ර ව්‍යාප්තියක් ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නි නගරය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. අද දින ආසාදිතයින් 16 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙතෙක් හමුවී ඇති ආසාදිතයින් ගණන 37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ හේතුවෙන් එම නගරයේ ජනතාවට ගෘහස්තව ද […]


News Articles
Latest Videos
Most Popular Post