ඔන්ලයින් මත්පැන් අලෙවිය සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. මුදල් අමාත්‍යංශය විසින් ප්‍රතිපත්තිමය එකඟතාවය ලබාදී අනුමැතිය සඳහා එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණ අතර කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ අනුමැතිය ඊට නොලැබුණු බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ද සදහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී අරුණ කටුගම්පොළ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති සාගර කුලසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද උදෑසන පෑලියගොඩ දී සහ වනාත මුල්ල යන ප්‍රදේශවල දී හෙරොයින් සන්තකයේ තබා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඔවුන් […]
මේ වන විට සිය රට ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නායක රැස්වීමක් අමතමින්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඉකුත් වසරේ එරට මුහුණ දුන් ස්වභාවික ආපදාවන් නිසා කෘෂි වගාවන්ට සිදුවූ හානිය බවත් කොරෝනා වෛසරය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එරට […]
ඊයේ දිනය තුල මෙරටින් නව ආසාදිතයින් 2436 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්, එම ගණන 561ක් , මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 516 දෙනකු හදුනාගෙන තිබෙනවා.
වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව ඊයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන අතර ඒ පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කරනවා. එම භූ කම්පනයේ අගය රිච්ටර් මාපකයේ ඒකක 1.94ක ප්‍රබලත්වයක් සටහන් ව තිබෙනවා.
රුපියල් 90,000 ක් වටිනා Sinopharm එන්නත් මාත්‍රා 30 ක් සොරා ගැනීමේ සිද්ධියක් හබරාදූවේ MOH කාර්යාලයෙන් වාර්තා වී තිබෙනවා. මේ පිලිබදව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඉන් වැඩිම පිරිසක් කුලියාපිටිය ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම ගණන 228ක්.
බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාරකිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන සී කොන්සෝටියම් ආයතනයේ සභාපතිවරයා වන අර්ජුන් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු කහතුඩුවේ දී STF අත්අඩංගුවට තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. කෙසේ නමුත් එම තීරණය ක්‍රියාත්මක කිරීම සදහා කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකාය වෙත යොමු කර ඇති බව වැඩි දුරටත් සදහන්.
ඊශ්‍රායලයෙන් යළි ගාසා තීරය වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලය වෙත විසින් ගිනි ගන්නා “බැලුන්” කිහිපයක් මුදා හරිම හේතුවෙන්. එම ගිනි ගන්නා බැලුන් නිසා ප්‍රදේශ ගණනාවක්ම ගිනි ගැනීම් ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.