News Line| Off Air
Generic placeholder image

May
31

එළවළු හා පළතුරු ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර

Generic placeholder image

එළවළු හා පළතුරු ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා. ආර්ථික මධ්‍යස්ථාන ද ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.


May
31

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 1915 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත පිරිස 151,740 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


May
31

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සදහා පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය

Generic placeholder image

මහ මැතිවරණයේ දී හිමිකරගත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සදහන් කලේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.


May
31

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා දිගු කෙරේ

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම ජුනි 15 දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


May
31

වියට්නාමයේ සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීම තාවකාලික අත්හිටුවයි

Generic placeholder image

වියට්නාමයේ සංචාරය කර ඇති සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබෙන වාර්තා වෙනවා. එම තහනම් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කර ඇත්තේ.


May
31

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණයක්

Generic placeholder image

සයිනෝෆාම් දෙවැනි වැනි මාත්‍රාව ජුනි 8 වැනි දා සිට ලබා දීමට තීරණය කර ඇති බව සදහන් වෙනවා. ඒ අනුවමැයි මාසයේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.


May
31

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 608ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වේ..


May
31

සතොස භාණ්ඩ ඇනවුම් කිරීම සදහා ක්ෂණික දුරකතන අංකයක්

Generic placeholder image

අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන අතර 1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි වන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසනවා.


May
31

තවත් කොවිඩ් මරණ 36ක්

Generic placeholder image

තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
31

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක

Generic placeholder image

හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය තිබෙනවා. ඒ කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් .


May
31

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]


May
30

කලවාන ප්‍රදේශයේ දී බස් රථයක් පෙරළී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබයි

Generic placeholder image

රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post