විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට දිනා ගැනීමට සමත් වුණා. ඒ රටවල් 73 ක් හා තරග වදිමින්. විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
ඊයේ දිනයේ කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.
ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 438ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය දැඩි සෞඛ්‍ය නීති වලට යටත්ව අද විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් සේවාවන් සිදු කර ගැනීමට , මීට පෙර 011-2 677 877 දුරකතන අංකයෙන් වේලාව වෙන් කරගත යුතු වනවා.
තවත් ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කර තිබෙනවා. එම ප්‍රදේශයන් මෙන්න,
දිවයින පුරා ක්‍රියාත්මකව පැවැති ගමන් තහනම සංචරණ සීමාවන්ට යටත්ව අද අලුයම 4.00ට ඉවත් කෙරුණා. ඒ අනුව සංචරණ සීමාවන්ට යටත්ව හැඳුනුම්පතේ අංක අනුව පුද්ගලයින්ට ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අතවශ්‍ය නොවන කටයුත්තකදී නිවසින් පිටව යාමේදී හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියාව […]
මෙරටින් තවත් කොරෝනා මරණ 20ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබෙනවා. අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි නාගෝන්හි රක්ෂිත වනාන්තරයක ( Nagaon) අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව වැඩි දුරටත් වාර්තා වෙනවා.