පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළා. ඒ අනුව පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ඇති.
මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,456 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 145,202ක් දක්වා ඉහළ තිබෙනවා. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 677ක්.
අද තවත් ප්‍රදේශ කිහිපයක් දකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයන් පහතින්,
අද මේ දක්වා ආසාදිතයින් 1,579ක් අලුතින් හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 144,325ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
සංචරණ සීමා පැනවීම පිලිබදව නව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. එමෙන්ම මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට අඛණ්ඩව මැයි 28 වන සිකුරාදා උදෑසන 4 […]
මහරගම අපේක්ෂා රෝහලෙහි ලේ බැංකුව වෙත පැමිණ රුධිරය පරිත්‍යාග කරන මෙන් එම රෝහල රුධිර පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට පිළිකා රෝගීන් වෙනුවෙන් තිබෙන රුධිර සංචිත ඉතා ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ අනුව රුධිර පරිත්‍යාගශීලින් http://nbts.heath වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමෙන් පසුව ලැබෙන sms පණිවුඩය භාවිත කරමින් අදාල පරිශ්‍රය වෙත පැමිණීම සිදු කල […]
විශ්ව රූ රැජිණ කිරුළ මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසාට දිනා ගැනීමට සමත් වුණා. ඒ රටවල් 73 ක් හා තරග වදිමින්. විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව විසින් හිමි කරගත් දෙවන අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.
ඊයේ දිනයේ කොවිඩ් මරණ 21ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව ද 962 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා. එයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 150ක්. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන 7,317 ක්.
ඊයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,275 දෙනෙකු අලුතින් හදුනා ගැනුණා. එයින් වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන 438ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහරගම, පමුණුව ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිදව යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙන පුවතක් වාර්තා වනවා. ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙලෙස සැමියා විසින් 33 හැවිරිදි බිරිදව ඝාතනය කර තිබෙන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.