මේ වන විට හදුනාගෙන ඇති මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා කලින් අනුගමනය කල මීටරය පරතරයට වඩා වැඩි දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරනවා. ඒ අනුව දෙදෙනෙකු අතර අවම දුර මිටර් 02ක් වත් විය යුතු බවයි එම සංගමය වැඩි දුරටත් අවදාරණය කරන්නේ.
කොරෝනා ආසාදනය වී සුවය ලබන කොරෝනා රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් මතුව ඇති බවට නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එනම් සුවය ලබා සිටින පුද්ගලයින් පිරිසක් සහභාගි කරගෙන සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් අනාවරණය කරගෙන ඇත්තේ ඔවුන්ගේ රුධිර වාහිනී තුල රුධිරය කැටි ගැසීමේ වැඩි හැකියාවක් පවතීන බවයි. සිංගප්පුරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා..
කුඩා දරුවන් අතර මේ දිනවල නව වෛරස් උණක් පැතිරයන බව ළමා රෝග විශේඥ වෛද්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා. එම රෝගයේ ලක්ෂණ ලෙස කුඩා දරුවන්ට උණ සමග මුඛය ඇතුළු ශරීරයේ විවිධ ස්ථාන වල රතු ලප දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කඩිනමින් එම රෝගය සදහා ප්‍රතිකාර කලයුතු බවත් එසේ නොමැති […]
ඊශ්‍රායලයේ ආගමික උත්සවයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය මාර්ග උපදේශ නොසලකා හරිමින් ලක්ෂයකට අධික පිරිසක් මෙම ආගමික උත්සවයට සහභාගී වී ඇති අතර එහිදී ඇති වූ තෙරපිමකින් හුස්ම ගැනීමට නොහැකිව මෙසේ පුද්ගලයින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
2020 ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. එම ප්‍රතිඵල www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ මෙරටින් හමු වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් ගණන වාර්තා වූ අතර එම ගණන සටහන් වුයේ 1531ක් ලෙසයි.එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම වාර්තා වූනා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් හමු වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 533 ක්. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 145 දෙනා බැගින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 107ක් […]
ගත වූ පැය 24 ක කාලය තුල ඉන්දියාවෙන් වාර්තාගත කොරෝනා ආසාදිතයින් හා මරණ ගණනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ පමණක් එරටින් කොරෝනා මරණ 3501ක් සහ නව ආසාදිතයින් 386,809ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත මරණ ගණන 208,313 ක් සහ ආසාදිතයින් ගණන 18,754, 984 ක් වන අතර මේ වන විට එරට අගමැති නරේන්ද්‍ර […]
ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 1531 දෙනෙකු වාර්තා වුණා. අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්මවමින් වූ කොරෝනා ආසාදිතයින් මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ. තවදුරටත් ආසාදිතයින් 10 ,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 6484ක්. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 06 ක් අද […]
විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා. ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.
ඉකුත් දා මෙරටට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථපෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේ පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා නීතිවිරෝධී රැස්වීමක් සංවිධාන කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත ඔහුව බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කල බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]