News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
29

යාපනයේ සියලු පාසල් සතියක් වැසෙයි

Generic placeholder image

යාපනය කොරෝනා මර්දන කමිටුව විසින් ඊයේ (28) දිනයේ යාපනය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අප්‍රේල් මස 5 වැනිදා දක්වා වසා තැබීමටත් තිරුණවේලී ප්‍රදේශයේ පාල්පන්නයි ගම්මානය හුදකලා කිරීමට තීරණය කළ බවත් එහි සභාපති හා යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා සදහන් කළේය. යාපනයෙන් කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන යාපනයේ සෞඛ්‍ය බලධාරීන් හා යාපනය දිසාපතිවරයා විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන […]


Mar
29

මේ ගෑනිව අරන් පලයන්

Generic placeholder image

එක්තරා ගමක ජේමිස් නමින් පුද්ගලයෙක් හිටියා. ඔහු ඉතාම ලෝභී පුද්ගලයෙක්.. කිසිම දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නෑ….ඔහු ගැන කතාවක් මේ..


Mar
29

එළඹෙන1 වන දා සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීම මුලික කරගනිමින් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සදහන් කරනවා. මේ අතර ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම් පිළිබඳ වාර්තා වන බැවින් ව පිලිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.


Mar
29

ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක්

Generic placeholder image

‍ඉන්දුනීසියාවේ බටහිර ජාවා ප්‍රාන්තයේ පිහිටි එරට විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන් තිබෙන අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට කටයුතු කර තිබෙනවා. ගින්නයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Mar
29

උත්සව සමයේ දුර ගමන් බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා බස්රථ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වැනිදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.


Mar
29

පස් හැවිරිදි දරුවාට මාංචු දැමු අමෙරිකානු පොලිස් නිලධාරීන්ට පිරිසකට එරෙහිව මව නඩු මගට

Generic placeholder image

ඇමෙරිකාවේ පාසලක 05 හැවිරිදි දරුවෙකු සිය පාසලෙන් ඉවතට ඇවිද ගොස් තිබීම හේතුවෙන් අදාල දරුවාට ඇමෙරිකානු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තර්ජනය කර අත් මාංචු දමන ලද බව පැවසෙනවා. කෙසේ වෙතත් සිද්ධිය හේතුවෙන් එම දරුවා මානසික පසුබෑමකට ලක්ව ඇති බව පවසමින් එම දරුවා ගේ මව විසින් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩුවක් පවර තිබෙනවා.


Mar
29

15 හැවිරිදි පාසල් දැරියක බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කල සිසුන් දෙදෙනක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

15 හැවිරිදි පාසල් දැරියක් පාසලේ එකම පන්තියේ තවත් සිසුන් දෙදෙනෙක් විසින් අපයෝජනයට ලක් කර ඇති බව පැවසෙන පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අදාල ශිෂ්‍යාව එම පන්තියේම තවත් පාසල් සිසුවෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවක් ජංගම දුරකතනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බව පවසමින් මෙලෙස බිය ගන්වා තම නිවසට පැමිණෙන ලෙස දන්වා අපයෝජනය කර ඇති බවයි […]


Mar
29

දින 06 ක් පුරා සුවස් ඇළේ සිර වූණු එවර් ගිවන් නෞකාව නැවතත් නියමිත ගමන් මාර්ගයට

Generic placeholder image

දින 06 ක් පුරා සුවස් ඇළ මාර්ගයේ සිර වී තිබු එවර් ගිවන් නෞකාව මේ වන විට නියමිත ගමන් මාර්ගයට යොමු කිරීමට මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත වූ කණ්ඩායම් වලට හැකිව තිබෙන බව වාර්තා වෙනවා. තවත් පැයක පමණ කාලයකින් පසු එම නෞකාව අදාල නියමිත ගමන් මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට හැකියා ඇති බවයි වාර්තා වන්නේ.


Mar
29

17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මිය යයි

Generic placeholder image

වෙලේවතුගොඩ දිගනවෙල ඇල්ලේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දහවල් මෙම අනතුර සිදුව ඇති අතර මේ වන විට දියේ ගිලුණු තරුණයින් දෙදෙනාගේ මළ සිරුරු හමුව තිබෙනවා.


Mar
29

කොරෝනා බියෙන් බ්‍රිස්බෙන් නගරය වැසෙයි

Generic placeholder image

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය දින තුනක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා තැබීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව අද පස්වරු 5.00 සිට බ්‍රිස්බෙන් නගරය මෙලෙස සම්පුර්ණයෙන් වසා දැමෙනු ඇති. ඒ කොරෝනා ආසාදිතයින් 07 දෙනකු එම නගරය තුල හමුවීම හේතුවෙන්.


Mar
29

වැලිගම මුහුදු තීරයේ කැස්බෑවුන් දෙදෙනෙකු මසුන් අල්ලන දැල්වල පැටලී මිය යයි

Generic placeholder image

වැලිගම මුහුදු වෙරළේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙන බව වාර්තා වෙනවා. බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුල් අල්ලන දැල්වල පැටලී මෙලෙස මිය ගොස් ඇති බවයි වන ජීවී නිලධාරීන් සදහන් කරන්නේ.


Mar
29

බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි අද ඇරඹෙයි

Generic placeholder image

බස්නාහිර පළාත ඇතුළු සමස්ත දිවයිනේ සියලු පාසල් අද (29) ආරම්භ වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට යටත්ව මෙම ආරම්භ කිරීම සිදුවන අතර සියලු පාසල්වලට කොවිඩ්-19 වසංගතය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අඳාළ උපදෙස් නිකුත් කර තිබේ. 2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත […]


News Articles
Latest Videos
Most Popular Post