News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

තවත් 740කට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 740 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කොවිඩ් වැළඳී සුව වූ මෙරට සමස්ත සංඛ්‍යාව 64,141ක් බවයි එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.


Feb
8

අවුරුදු 30 සිට 60 දක්වා පුරවැසියන්ට මාර්තු 1 සිට කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

Generic placeholder image

මාර්තු මස 1 වැනිදා සිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙරට සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඒ යටතේ මධ්‍යස්ථාන 4,000 කදී අදාළ එන්නත ලබා දීමට සැළසුම්කර ඇති බවයි.


Feb
8

රතු ජලයෙන් යටවුණු ගම්මානය (photo)

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ජෙන්ගොත් නම් ගම්මානය අධික වාර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී තිබෙන අතර එම ජලය රතු පැහැයක් ගෙන තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ තිබුණු බතික් කර්මාන්ත ශාලාවක් ජලගැල්මට හසුවීම හේතුවෙන්. කර්මාන්තශාලාවක භාවිතය සඳහා ගබඩා කර තිබූ ක්‍රිම්සන් නමැති ඩයි වර්ගය මෙලස ජලයට මුසුවී තිබෙන අතර මේ හේතුවෙන් ජලයද රතු පැහැ ගැන් වී තිබෙනවා.


Feb
8

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 772 ක් වාර්තා වෙයි

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 772 ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයින් 508 දෙනෙකුම හමුව ඇත්තේ බස්නාහිර පළාතෙන්. එයිනුත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ දිස්ත්‍රික්කය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අනුව එම ආසාදිතයින් ගණන 245ක්. කොළඹ කොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 25ක්, බොරැල්ල 22ක්, මට්ටක්කුලිය 16ක්, ගොතටුව 12ක්, නවගමුව 13ක්, වැල්ලම්පිටිය 17ක්, කහතුඩුව සහ නාරාහේන්පිට යන ප්‍රදේශවලින් ආසාදිතයින් […]


Feb
8

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට මිල අඩු වේ

Generic placeholder image

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල අද දිනයේ සිට පහත දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට පාරිභෝගික ජනතාවට සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකි වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය […]


Feb
8

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මි.මී. 50 පමණ තද වැසි

Generic placeholder image

ඌව,නැගෙනහිර,උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. උතුරු, […]


Feb
7

කොවිඩ් ආසාදිත වී.ජ.මු ලොකුබණ්ඩාර IDH දැඩි සත්කාර ඒකකයට

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ඇතැයි වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Feb
7

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු තහවුරුකර තිබෙනවා. කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක්. ඔවුන් අවුරුදු 61ත් 84ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් […]


Feb
7

නව ආසාදිතයින් 410 දෙනෙක්

Generic placeholder image

නව ආසාදිතයින් 410 දෙනෙකු හඳුනානෙ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 772ක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 807 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව […]


Feb
7

ඉන්දියාවේ ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටී 150ක් මරුට – පිරිසක් අතුරුදන් (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවේ උත්තර්කාණ්ඩ්හි ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කිහිපයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති අතර ඉන් දේපළ රැසකට ද […]


Feb
7

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අඟහරුවාදා පස්වරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ […]


Feb
7

තවත් ආසාදිතයින් 362 හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 64,937ක්.


News Articles
Latest Videos
Most Popular Post