News Line| Off Air
Generic placeholder image

Aug
15

ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Generic placeholder image

මන්නාරමේ පිහිටි ඓතිහාසික මරඳ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද උදෑසන පැවැත්වුණා. අද (15) අලුයම 6.15 ට ආරම්භ වූ ආශිර්වාද දිව්‍ය පූජාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. ආශිර්වාද දිව්‍ය පූජාව බැතිමතුන් සඳහා අවශ්‍ය පානීය ජලය, සනීපාරක්ෂක, වෛද්‍ය සහ ආහාරපාන පහසුකම් යුද හමුදා, පොලිස් සහ නාවික හමුදා නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂිතව සපයා තිබූ බවටයි වාර්තා වන්නේ.


Aug
12

“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සෞන්දර්‍ය විඳ ගනිමින් කොළඹ සිට් බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් 2025.08.16 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 05.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ 2025.08.17 දින සිට සෑම ඉරිදා දිනකම […]


Aug
12

ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි

Generic placeholder image

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර තිබෙනවා. 2012 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. අලි ඇතුන්ගේ වාසස්ථාන හීන වීම, ඔවුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම , අලි ඇතුන් දඩයම් කිරීම, වනජීවී ජාවාරම හා අලි මිනිස් ගැටුම හේතුවෙන් දැඩි ජීවිත අවදානමකට […]


Aug
12

එක්සත් රාජධානියේ බලශක්ති වෙළෙඳපොළට එන ටෙස්ලා

Generic placeholder image

ටෙස්ලා සමාගම, එලෝන් මස්ක්ගේ අයිතිය යටතේ, එක්සත් රාජධානියේ නිවෙස්වලට විදුලිය සැපයීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය බලශක්ති නියාමන ආයතනයක් වන Ofgem වෙත අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම අයදුම්පත අනුමත වුවහොත්, ටෙස්ලාට එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය පුරා ක්‍රියාත්මක වන විශාල බලශක්ති සමාගම් සමඟ තරඟ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වනවා. මෑතකදී මැන්චෙස්ටර් නගරය කේන්ද්‍ර කර […]


Aug
11

මරණයකින් කෙළවර වූ බොක්සිං සටන

Generic placeholder image

ජපානයේ බොක්සිං තරඟාවලියකදී ක්‍රීඩකයන් දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වී තිබෙනවා. ටෝකියෝහි කොරකුවෙන් ශාලාවේදී එකම බර පන්තියේදී වෙනම තරඟ දෙකකදී ඔවුන් දෙදෙනාම මොළයට වැදුණු පහරවල් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය Hiromasa Urakawa සහ Shigetoshi Kotari යන 28 හැවිරිදි ක්‍රීඩකයින් දෙදෙනාම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ වසර […]


Aug
11

ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරඟාවලියේදී 4 X 400 සහය දිවීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට

Generic placeholder image

ඉන්දියාවේ පැවති ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් ඇතුළු පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, මීටර් 4 X 400 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්තු 3:08.02ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන තිබෙනවා. එමෙන්ම, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ මීටර් 86.65ක දක්ෂතාවක් දක්වමින් නව ජාතික වාර්තාවක් සමඟ රන් […]


Aug
10

ඉන්දීය ජනප්‍රිය නිළි තමන්නා භාතියා දිවයිනට

Generic placeholder image

ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාතියා ඊයෙ(09) සවස මෙරටට පැමිණියා. වෙළඳ දැන්වීමක් සඳහා අනුරාධපුරයේදී සිදු කිරීමට නියමිත රූගත කිරීම් සඳහායි ඇය මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ. මෙය Big Momma Productions (ඉන්දියාව) සහ ASIAN FILM CREW Productions (ශ්‍රී ලංකාව) එක්ව කරන නිර්මාණයකි. ඇය දින කිහිපයක් දිවයිනේ රැඳී සිට නැවත ඉන්දියාව බලා පිටත් වීමට බලාපොරොත්තු වන බවයි ආරංචි මාර්ග […]


Aug
8

Queen Of International Tourism 2025 කිරුළ ආදිත්‍යා වැලිවත්තට

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ආදිත්‍යා වැලිවත්ත මීට සුළු මොහොතකට පෙර Miss Tourism Universe 2025 කිරුළ දිනාගෙන තිබෙනවා. මෙම තරඟාවලිය වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් තරඟාකාරිනියන් පස් දෙනෙකු සහභාගී වී තිබෙනවා. සියළු තරඟකාරියන් අභිබවා තරඟාවලිය ජයග්‍රහණය කොට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ඇයට අපෙන් උණුසුම් සුභ පැතුම්!


Aug
7

SLC T20 League තරඟාවලිය අදින් ඇරඹේ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන SLC T20 League තරඟාවලිය අද (07) සිට ආරම්භ වීමට නියමිතයි. අද දින තරගය සඳහා, දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුත් Team Blues කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Team Greens කණ්ඩායම තරග වදිනු ඇත. මෙම තරගය අද දහවල් 1.30 ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


Aug
6

WhatsApp විසින් වංචනික ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි

Generic placeholder image

WhatsApp වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද? පසුගිය වසරේ පළමු භාගයේදී WhatsApp විසින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර තිබෙනවා. මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ බවයි Meta ආයතනය ප්‍රකාශ කර ඇත්තේ . මෙම වංචාකරුවන් ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා සඳහා WhatsApp කණ්ඩායම් චැට් […]


Aug
6

හිරෝෂිමා ඛේදවාචකයට අදට වසර 80යි

Generic placeholder image

අමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළා වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (අගෝස්තු 6) දින ජපානයේ නිහඬ යාඥාවක් පවත්වා තිබෙනවා. ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා මහතා ඇතුළු ලොව පුරා නිලධාරීන් රැසක් මෙම උත්සවයට සහභාගී වී තිබෙනවා. හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ ඇත්තේ, “යුද්ධයකදී පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ එකම ජාතිය ජපානයයි. ජපාන […]


Aug
5

අවුරුදු 18ට අඩු දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව

Generic placeholder image

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙනවා. මෙම පියවර මූලික වශයෙන් දේශීය දරුවන් තුළ සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ඔවුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ […]


News Articles
Latest Videos
Most Popular Post