ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 232 දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා ආසාදිතව සිට මිය ගිය තවත් තිදෙනෙකු පිළිබද ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමගයි. එලෙස මිය ගියේ, මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 14 හා රත්නපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්. ඔවුන් අවුරුදු 62ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ […]
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. […]
කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 5 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව සිට කතාබහ කරන අයුරු CCTV දර්ශන මගින් හඳුනා ගෙන තිබුණා. ඊට අමතරව ශ්‍රී […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 236 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 536 දක්වා ඉහළ යනු ඇති.
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් රැඳවියෙකු සොයා ගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනුණා. ඒ, නාරම්මල, බෝගහපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදීයි. මේ අතර පැන ගිය ආසාදිත රැඳවියන් අතර සිටි 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් ‘ගැටයා’ නමැති රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී පසුගිය 6 වැනිදා අත්අඩංගුවට පත් වුණා. ඔහු […]
තවත් නව කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින් ඇසුරින් හඳුනාගත් ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 44,382ක් ලෙසයි. මේ අතර වෛසරය ආසාදනය වී සිටි තවත් 487 දෙනෙකු සුවය […]
ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දක්වා හුදෙකලාකර තිබූ ප්‍රදේශ තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ගම්පහ – වත්තල පොලිස් වසමේ, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් දූවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ, හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් වෙඩිකන්ද […]
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මන්ත්‍රීවරයා අද උදෑසන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. අදාළ පණිවිඩයේ මන්ත්‍රීවරයා දක්වා තිබුණේ තමන් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී ඇති බවයි. මේ අතර මන්ත්‍රීවරයාව සමීපව ඇසුරු කළ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හඳුනාගෙන […]
කොළඹ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ස්ථාන තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා. ඒ අනුව කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශ හෙට සිට හුදෙකලා බවින් ඉවත් වනු ඇති.
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව බොරැල්ල – ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.
නව කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිය දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ තිබීම හේතුවෙන් එහිදී එතුමා ආශ්‍රය කල සමිපත අශ්‍රිතයින් හදුනා ගැනීම සදහා පාර්ලිමේන්තු cctv පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 90,077,450 ලෙසයි. ලොව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව වන අතර ගෙවුණු පැය 24 තුල එරටින් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,235ක්.