වේයන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා සැකකරුවෙකු රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් අතරතුර පොලිස් වෙඩි පහරින් එම සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළා. පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් අදාල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී […]
මීට දින දෙකකට පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකු ගේ මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ අරියකුලම වැවේ තිබී සොයාගෙන තිබෙන බව පොලිසිය සදහන් කරනවා. අදාල මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 65 ක පමණ පුද්ගලයෙක් වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
අද උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව ඉවත් කරන ලද ප්‍රදේශ, වේල්ලවීදිය පොලිස් වසමකෙසෙල්වත්ත පොලිස් වසමමරදාන පොලිස් වසම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසමකොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසමවැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙසබොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්තවැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය අද උදෑසන 5.00 සිට […]
ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 73 හැවිරිදි වියේ පසුවුවා.
උතුරු , නැගෙනහිර උතුරු-මැද සහ ඌවපළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි සදහන් වෙනවා. උතුරු , නැගෙනහිර උතුරු-මැදසහ ඌවපළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වීටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තදවැසිද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.ව. 1.00 න් පමණපසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත […]
කොරෝනා ආසාදිතයින් 598 දෙනෙක් ඊයේ දිනයේ අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 235කි. මේ වනවිට හුදකලා කරඇති අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය – 235 අවිස්සාවේල්ල -150පිළියන්දල -10වැල්ලවත්ත – 8වැල්ලම්පිටිය – […]
බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සහ කළ තවත් පුද්ගලයින් 8ක් කොරෝනා රෝගීන් බව හදුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළා.
කොරෝනා ආසාදිතයෙකු නිවසින් පළා ගොස් තිබෙනවා. පළාගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතන අතර කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බව පොලිසිය සඳහන් කළා. ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙන්නේ. අදාල රෝගීයා මාකොල උතුර, දේවාල පාර […]
කොවිඩ් -19 ආසාදිතයින් බහුලව වාර්තාවීම හේතුවෙන් කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබෙනවා. ඊයේ(26) මධ්‍යම රාත්‍රීයේ සිට එම ප්‍රදේශය හුදකලා කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.
දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටිනවා. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අනුව එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට […]
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16යි. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබ තිබෙනවා. මෙම සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණා.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රී කාලයේ සිට බලාපොරොත්තු විය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද […]