News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Generic placeholder image

තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් වන අතර එම මරණය සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගියා. අදාළ මරණය පිළිබඳ තොරතුරු පහතින් :


Dec
11

අද රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

කොළඹ – මරදාන සහ කොම්පඤ්ඤවීදිය අවට ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10 සිට පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ඩීන්ස්පාර, ඩාලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගත් ඊට අමතරව වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. මේ අතර යුනියන් පෙදෙසේ […]


Dec
11

තවත් ආසාදිතයින් 226 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 226 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 762ක් ලෙසයි. එමෙන්ම මේ වනවිට පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,747ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Dec
11

නව ආසාදිතයින් 536 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 536 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන්ගෙන් 461 දෙනෙකු මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු 75 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.


Dec
11

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ලබන 21 වැනිදා විවෘත කිරීමට සැළසුම්

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් මේ මස 21 වැනිදා යළි විවෘත කිරීමට සැළසුම්කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා. ඒ අනුව එම කොට්ඨාසයට අයත් සියලු පාසල් 18 වැනිදා දක්වා තවදුරටත් වසා තැබීමටයි තීරණයකර ඇත්තේ. කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් පසුගිය 7 වැනිදා සිට […]


Dec
11

අගමැති බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති හිමියන් බැහැ දකියි (ඡායාරූප)

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා. එහි ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග […]


Dec
11

අල්ලස් ගැනීමට තැත් කළ මිනුම් දෙපාර්තමේන්තු නිලධාරිනියකට වැඩ වරදියි

Generic placeholder image

විද්‍යුත් තරාදි බලපත්‍ර අළුත් කිරීමකට අදාළව අල්ලස් ගැනීමට තැත් කිරීමේ සිද්ධියකට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ, මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂකවරියක් අද බලංගොඩ නගරයේදී අත්අඩංගුවට පත් වුණා. ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්. විද්‍යුත් තරාදි 42ක බලපත්‍ ලබන වසර සඳහාර අළුත් කිරීමට නියමිත මුදලට වඩා රුපියල් 300 බැගින් […]


Dec
11

බන්ධනාගාරයේ සිට පැමිණි සැමියා බිරිඳට 13වරක් පිහියෙන් අනියි

Generic placeholder image

මඩකලපුව, පුදුකුඩිඉරිප්පුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය බිරිඳට පිහියෙන් ඇණ බරපතල තුවාල සිදුකර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා බිරිඳගෙන් වෙන්ව ජීවත් වන අතර දරුවන් දෙදෙනාට සහ බිරිඳට නඩත්තු නොගෙවීම හේතුවෙන් ඔහුව වසරක් රක්ෂිත බන්ධනාගාරගතකර තැබූ අයෙක් බවයි. ඉන් නිදහස් වී පැමිණ තිබූ එම පුද්ගලයා සිය බිරිඳට පිහි දෙකකින් 13 වතාවක් ඇණ තුවාල සිදුකර පළා ගොස් තිබුණා. තුවාල […]


Dec
11

5 ශිෂ්‍යත්වය සමත් හපනුන්ට තවත් ශිෂ්‍යත්වයක්

Generic placeholder image

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යයත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්ම ණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එක් දරුවෙකුට රුපියල් 15,000 බැගින් ශිෂ්‍යත්ව 9,000ක ප්‍රමාණයක් එලෙස පිරිනැමීමට නියමිත බවයි. ඒ සඳහා වන ඉල්ලුම්පත් පහත වෙබ් අඩවිය මගින් ලබාගත හැකි වනවා. www.etfb.lk


Dec
11

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමේ

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. පසුගිය 9 වැනිදා එම කාර්යාලය තුළ පැවැත්වූ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවලට අනුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. තැපැල් කාර්යාලයේ රියදුරෙකු ඇතුළු තිදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති අතර ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාළ කාර්යාලය වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ.


Dec
11

ඕලන්ද හිමිනමගේ අපවත් වීම ගැන සිරි වජිරාරාමයෙන් නිවේදනයක්

Generic placeholder image

දොඩම්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ඕලන්දයේ ජිනවංස හිමිගේ අපවත් වීම ඝාතනයක් යැයි මාධ්‍ය මගින් පළ වන වාර්තාවලට විරෝධය දක්වමින් බම්බලපිටියේ සිරි වජිරාරාමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූ එම හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිය දිවි හානිකර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී ඇතත් වැඩිදුර කරුණු සනාථකර ගැනීමට අවශ්‍ය […]


Dec
11

පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් (ඡායාරූප)

Generic placeholder image

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර, ඊට අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට උපදෙස් දුන්නා. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර එම සාකච්ඡාව අද උදෑසන පැවැත්වුණේ, විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි. පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද […]


News Articles
Latest Videos
Most Popular Post