ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්දේ උස, නිල වශයෙන් ගණන් බලා ඇති උස ප්‍රමාණයට වඩා තවත් මීටර 0.86ක උසකින් යුක්ත බවට අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නේපාලය සහ චීනය මේ බව ප්‍රකාශකර ඇති බවයි වාර්තා වන්නේ. ආසියාවේ හිමාල කදුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයත් -සාගරමාතා- ප්‍රදේශයට සහ චීනයට අයත් -ටිබෙටය- මායිමේ පිහිටා තිබෙනවා. එහි […]
පොලිස් මහජන සම්බන්ධතා සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පත්කර තිබෙනවා. එම කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ නව වැඩ බලන අධ්යක්ෂවරයා ලෙස බුද්ධික මනතුංග මහතා අද වැඩ භාර ගත් බවයි. එම පත්වීම සිදුකර ඇත්තේ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින්.
කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියාත්මක වන නව එන්නත බ්‍රිතාන්‍යය වැසියන්ට එන්නත් කිරීම අදින් ආරම්භ වුණා. ඒ අනුව එය ප්‍රථමයෙන් එන්නත් කරනු ලැබුවේ උතුරු අයර්ලන්තයේ 90 හැවිරිදි කාන්තාවකටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාග්‍රට් කීනන් නමැති අදාළ කාන්තාව ලබන සතියේ 91 වැනි වියට පා තැබීමට නියමිත බවයි. එන්නත ලබා ගැනීමෙන් පසු එම කාන්තාව පැවසුවේ අදාළ එන්නත ලබාගත් පළමු […]
කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 454 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 21,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 21,258ක් ලෙසයි.
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ කොරෝනා වෙෙරසය විනාශ කළ හැකි බව පැවසෙන ඖෂධය අද උදෑසන ජනතාවට නොමිලයේ බෙදා දුන්නා. දේශීයව නිෂ්පාදනය කළ එම ඖෂධය ලබා ගැනීම සදහා විශාල පිරිසක් වෙද මහතාගේ නිවස ආසන්නයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ 5000කට අධික පිරිසක් රැදී සිටින බවත් එලෙස පැමිණි ජනකාය හේතුවෙන් දැඩි අවදානමක් […]
2021 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ඇතුළත් චක්‍රලේඛය නිකුත්කර තිබෙනවා. විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි. එම චක්‍රලේඛය පහතින් :
දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එම කොමිසමට ඉදිරිපත් වූ පැමිණිලි එකසිය අනූ අටකට අදාළ කරුණු එම වාර්තාවට ඇතුළත් බවයි කොමිසමේ ලේකම්වරිය පැවසුවේ.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවදුරටත් වසා තැබීමට තීරණයකර තිබෙනවා. අදාළ පාසල් හෙට දිනය තෙක් වසා දැමීමට මින් පෙර පියවර ගෙන තිබූ අතර ලබන සිකුරාදා දක්වා තවදුරටත් ඒම පාසල් වසා තැබීමටයි බලධාරීන් තීරණයකර ඇත්තේ.
ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීමට එරට රජය තීරණයකර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. කොරෝනා වෙෙරසය මර්දනය සඳහා සියයට 95ක ඵලදායීතාවක් ඇති බව තහවුරු වූ […]
“තම්බපවනි” නමැති මන්නාරමේ ඉදි වූ විශාලතම සුළං විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක්. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති. සුළං […]
කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලුම අතුරු මාර්ගවල හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය දැනුම් දෙන්නේ, ඒ අනුව හෙට උදෑසන 9 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු […]
මෙරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතාවයන් සහ ප්රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14වැනිදා සිට දියත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඒළැඹෙන 14වැනිදා සිට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ පැවැති […]