දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා. එපමණක් නොව එලෙස pcr මග හරින ලෙසට අනුබල දෙන අයවළුන්ටද එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.
කොළඹ සිට බදුල්ලට තොග වශයෙන් බඩු ප්‍රවාහනය කර ලොරි රථයක සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඔහු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔහු ඇසුරු කල හා පවුලේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත සහ බන්ධනාගාර භූමියේ විරෝධතාවක් ආරම්භකර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටියේ සිය නඩු කටයුතු කඩිනමින් අවසන්කර නිවෙස් වෙත යෑම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.
මහර බන්ධනාගාරයේ ඊයේ හටගත් කලහකාරී තත්ත්වය සමග ඇති වූ ගින්නෙන් එහි දේපළ රැසකට හානි සිදුව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එම බන්ධනාගාරයේ ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ අධිකාරි හා සහකාර අධිකාරි කාර්යාල ගින්නෙන් විනාශ වී තිබෙනවා. එමෙන්ම අදාළ සිද්ධියෙන් තුවාල ලැබූවන් 71 දෙනෙකු මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අද […]
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය හා වේරහැර කාර්යාලය මගින් සැපයෙන සේවාවන් ලබා ගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක නව දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා මින් පෙර හඳුන්වා දී තිබූ දුරකතන අංක ඇමතීම මගින් සේවාලාභීන් පත්වන අපහසුතාව අවම […]
නයිජීරියාවේ ගොවීන් පිරිසක් කපාකොටා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ඝාතනය කර ඇති ගොවින් පිරිස 43 දෙනෙක් වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ. තියුණු ආයුධ යොදාගෙන මෙම ඝාතනය සිදු කර තිබෙන අතර එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මහනුවර, දිගන, අඹකොටේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී යළිත් සුළු භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, එම කම්පන තත්ත්වය රික්ටර් මාපක 2කට වඩා අඩු අගයක් ලෙස පල්ලේකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති බවයි. මින් පෙර ද අවස්ථා කිහිපයකදී මහනුවර ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයන් හටගත් අතර ඒ […]
කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෙෙරස් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, නියමිත සෞඛ්‍ය උපදේශවලට අනුව හෙට සිට මහජනතාව වෙනුවෙන් එම කාර්යාංශය යළි විවෘත කරන බවයි.
හෙට සිට යළි දැනුම් දෙනතුරු දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන්නැයි දන්වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අනිද්දා නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි.
මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ තුවාල ලැබූ රැඳවියන් 71 දෙනෙකු මේ වනවිට රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි.
ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නඩු දෙකකට අදාළව පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝග දෙකක් ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මෝසමක් ඉදිරිපත් කරමින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම් නියෝග ඉවත් කෙරුණා. 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් […]