ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝ මීටර 590ක් දුරින් ස්ථානගතව පැවැති අතර ඉදිරි පැය 6 තුළදී එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පසුව එය එළැඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති. මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව […]
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතාව ඝාතන කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා ඉකුත් 29 වැනිදා අබුඩාබිහිදී ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති අතර ප්‍රධාන සැකකරු රටින් පළා ගොස් තිබූ බවයි. එ් […]
මහර බන්ධනාගාරය තුළ පසුගිය 29 වැනිදා ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ගැටුමේදී මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක්. තුවාල ලැබූවන් අතර රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම අදාළ සිද්ධියත් සමග බන්ධනාගාරය තුළ ඇති වූ ගින්නෙන් එහි ලේඛනාගාරය, සිර මැදිරි කිහිපයක්, ආහාර ගබඩාව සහ […]
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් වාර්තා වුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු කොරෝනා මරණය ලෙස පේරාදෙණිය, ගලහ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් මිය ගිය අතර අනෙක් මරණය වාර්තා වුණේ අටලුගම ප්‍රදේශයෙන්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
කොරෝන වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 318 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 496ක්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,442ක් ලෙසයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල සිට ඊට එක් වූ බවත් සාකච්ඡාව සාර්ථකව පැවැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීම සඳහා වන එකම අරමුණ කොරෝනා […]
කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව මේ පිලිබදව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් සදහන් කළා. අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 178 දෙනකු හදුනාගෙන තිබෙනවා. අද දිනයේ හදුනාගත් මෙම ආසාදිතයින් කලින් හදුනාගත් ආසාදිතයින් ගේ අශ්‍රිතයින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකර, නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. අද පස්වරුවේ ආරක්ෂක ලේකම් වරයා දුන් උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුමේදී තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව රෝහලට 76 දෙනකු ඇතුලත් කර ඇති අතර එයින් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබෙන අතර එහිදී 26 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දී තිබෙනවා. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි .
මාරාන්තික කොරෝනා වෛරසය හමුවේ තවදුරටත් පිඩාවට පත්ව තිබෙන ලොව පළමු රට බවට පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි. ඒ අවදානම තවත් ඉහල නංවමින් එරට එරට බෝවන රෝග පිළිබ`ද ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සදහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය එරට තව දුරටත් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බවයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල වැඩි වශයෙන් […]