News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

“පවතින තත්ත්වය යටතේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම ගැටළුවක්” – අධ්‍යාපන ඇමති

Generic placeholder image

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් සියයට 50ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු සිදු නොවීම තුළ නියමකර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ අනුව සියලු ක්ෂේත්‍ර සමග සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් […]


Nov
30

ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 496 ක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් ගණන 167ක්. කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්,අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් ,මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසස්දිතයින් 56 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙන් එම ගණන 17ක්. […]


Nov
30

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය කියයි

Generic placeholder image

රජය අපකීර්තියට පත් කරන යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට බන්ධනාගාර තුළ අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වත්මන් රජයේ ප්‍රතිපත්තිය මගින් මත්ද්‍රව්‍ය වැටලීම්වලට ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වනවිට බන්ධනාගාරගත වී […]


Nov
30

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි. ඒ සඳහා අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.


Nov
30

නව පොලිස්පති, අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Generic placeholder image

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නව පොලිස්පතිවරයාට සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරයා රටේ ආරක්ෂක තත්ත්වය හා පොලිසියේ වර්තමාන කාර්යයභාරය සම්බන්ධයෙන් මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමත් පිළිබඳ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍යවරයා හමුවේ සිය විශ්වාසය පළකර තිබෙනවා. එමෙන්ම […]


Nov
30

බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තියේ අඩුවක්

Generic placeholder image

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සියයට 30කින් පමණ පහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, මසක කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තැබීම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව එරට සමීක්ෂණ ආයතනයක් සිදු කළ පර්යේෂණයකින් අනාවරණ වී ඇති බවයි. එමෙන්ම ආසාදිතයින්ගේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ප්‍රදේශවලින් මේ […]


Nov
30

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලුම අතුරුමාර්ගවලට එළැඹෙන බදාදා පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව බදාදා පස්වරු 2 සිට බ්‍රහස්පතින්දා උදෑසන 5 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති. නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල […]


Nov
30

කොරෝනා වසංගතය පාලනය පිළිබඳ මත දෙකක්

Generic placeholder image

කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල්‌ රෝණ මහතා පැවසුවේ, හුදෙකලා ප්‍රදේශවලින් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර කොළඹ මහනගර සභා සීමාවේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි. කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත […]


Nov
30

නැගෙනහිර මුහුද අවදානම් – ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

Generic placeholder image

බෙංගාලබොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය තවදුරටත් අදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි එම මධ්‍යයස්ථානය දැනුම් දෙන්නේ. එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පැවසුවේ, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි.


Nov
30

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හා අකුරැස්සේ පාසලක් සතියකට වැසෙයි

Generic placeholder image

දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම රජයේ පාසල් ද අද සිට සතියක කාලයකට වසා දැමීමට දඹුල්ල නගරාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් ආසාදිතයින් හමුවීමේ අවදානම හේතුවෙන්. මේ අතර වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් හමු වීම සැලකිල්ලට ගෙන අකුරැස්ස කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ […]


Nov
30

දිවිනැගුම නඩුවෙන් බැසිල් ඇතුළු 4ක් නිදොස් කොට නිදහස් කෙරේ

Generic placeholder image

කොළඹ මහාධිකරණයේ විභාග වූ දිවිනැගුම නඩුවෙන් ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළා. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2,992කට අධික මුදලක් වැයකර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ඔවුන්ට එල්ල වී […]


Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය ගණන 8 දක්වා ඉහළට – විමර්ශ කටයුතු සී.අයි.ඩීයට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මිය ගිය ගණන 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම සිද්ධිය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8ක් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා තහවුරු කළා. එමෙන්ම සිද්ධියත් සමග රැඳවියන් භාරයේ සිටි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඔවුන්ගෙන් මුදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් මෙන්ම […]


News Articles
Latest Videos
Most Popular Post