News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

තවත් ආසාදිතයින් 208 දෙනෙක් හඳුනා ගැනේ

Generic placeholder image

පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 17,938 දක්වා ඉහළ නංවමින් තවත් නව ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ එම පොකුර ආශ්‍රයෙන් වාර්තා වූ සමස්තය 502 ක්. එම නව ආසාදිතයින්ගේ වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගෙන […]


Nov
25

තමන් වරදකරු නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනපති පාස්කු කොමිසම හමුවේ කියයි

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. කෙසේ වෙතත් ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම […]


Nov
25

විදේශ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මතයි

Generic placeholder image

2021 අයවැයට අදාළව කාරක සභා අවස්ථාවේ තුන්වැනි විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී විදේශ සහ ජනමාධ්‍ය යන අමාත්‍යාංශ දෙකට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එම වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.


Nov
25

කිරිමන්තුඩාව හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

Generic placeholder image

බණ්ඩාරගම පොලිස් වසමේ හුදෙකලාකර ඇති එක් ග්‍රාම නිලධාරී වසමක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණයකර තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම මේ මොහොතේ සිට යළි විවෘත කෙරෙන බවයි.


Nov
25

බණ්ඩාරගම සහ මහනුවර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

බණ්ඩාරගම පොලිස් වසමේ සහ මහනුවර – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇති. එමෙන්ම මහනුවර, අලවතුගොඩ […]


Nov
25

ලංගම බස් රථයක ගමන් කර කොරෝනා වැළඳුණොත් ලැබෙන සහනය

Generic placeholder image

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් කර කොරෝනා වෛරසය ආසාදනය වන මගීන්ට දීමනා මුදලක් පිරිනැමීමට එම මණ්ඩලය තීරණයකර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ, සිය මණ්ඩලයට අයත් බස් රථයක ගමන් ගැනීමේදී කොරෝනා ආසාදනය වන පුද්ගලයෙකුට රුපියල් 10,000 මුදලක් ද මිය යන පුද්ගලයෙකුට රුපියල් 50,000 මුදලක් ද දීමනා වශයෙන් ලබා දීමට තීරණයකර ඇති බවයි. මගීන්ගේ […]


Nov
25

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් නැති බව එම නිෂ්පාදකයින් කියයි

Generic placeholder image

සනීපාරක්ෂක තුවාවල පවතින මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවේ කියා සිටියා. ඒ, අමාත්‍යවරයා සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් අතර අද පැවැති සාකච්ඡාකදීයි. එම තුවා සඳහා පසුගිය රජය මගින් පනවනු ලැබූ සියයට 30ක බද්දෙන් සියයට 15ක ප්‍රමාණයක් මෙවර අයවැයේදී අඩු කළ අතර ඉතිරි ප්‍රමාණය සෙස් […]


Nov
25

යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

Generic placeholder image

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් ඇද වැටී හදිසියේ මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ, ගාලු පාරේ සිට වෙරළ දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස යතුරුපැදියෙන් ඇද වැටී මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි. මෘත දේහය පානදුර මූලික රෝහල වෙත යොමුකර ඇති අතර එය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය කිරීමට පියවර ගෙන ඇති බව පානදුර නගර සභාවේ මහජන […]


Nov
25

නව ආසාදිතයින් 294ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත 294 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව දිවලුපිටිය සහ පෑලියගොඩ ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 17,730ක් දක්වා ඉහළ ගියා. ඒ සමග මෙරටින් වාර්තා […]


Nov
25

කොරෝනා වැළඳී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා වියදම් ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහ පිළිබඳ අවසන් කටයුතු සඳහා වැය වන මුදල ඔවුන්ගේ ඥාතීන් දැරිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රජය මගින් ඒ සඳහා මුදල් වැය නොකරන බව පැවසූ අමාත්‍යවරිය පෙන්වා දුන්නේ ඒ සඳහා වියදම් දැරීමට අපහසු අය වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගැනීමට සහය විය හැකි බවයි. විපක්ෂයෙන් නැගුණු […]


Nov
25

ප්‍රතිසංස්කරණය කළ සීටීබී බස් රථ 400ක් ජනවාරියේ සිට ධාවන බලඇණියට

Generic placeholder image

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දැනට අබලන් තත්ත්වයේ පවතින බස්රථ 400ක් ප්‍රතිසංස්කරණයකර ජනවාරි පළමුවැනිදා ධාවන බලඇණියට එක්කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. ලංගම බස්රථ රැගෙන ඒම හරහා කල්බදු ක්‍රමයට වාරික ගෙවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොත වන […]


Nov
25

දරුවන් දෙදෙනෙකු හික්කඩුවේදී දියේ ගිලී මරුට

Generic placeholder image

හික්කඩුවේදී ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හික්කඩුව, තොටගමුව පාලම අසලින් දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු එලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 7ක සහ 8ක පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙකු මෙලෙස මියගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post