News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

නව කොරෝනා ආසාදිතයින් 194ක් වාර්තා වෙයි

Generic placeholder image

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් තවත් නව ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 437ක්. දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 15,330ක් ලෙසයි.


Nov
19

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

Generic placeholder image

ලංකා පොහොර සමාගමට පුද්ගලික සමාගමකින් දියර පොහොර මිල දී ගැනීමේදී සිදුව ඇති රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ 2017 වසරේ සිට 2019 වසර දක්වා හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේදීයි. පොලිස් මූලස්ථානය පැවසුවේ, අත්අඩංගුවට ගත් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා […]


Nov
19

රූගත කිරීම් සහ පටිගත කිරීම්වලට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

ටෙලි නාට්‍ය රූගත කිරීම් සහ මැදිරි වැඩසටහන් පටිගත කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ටෙලිනාට්‍යවේදීන්ගේ සංගමය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව සම්පාදනයකර තිබෙනවා.


Nov
19

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ (ඡායාරූප)

Generic placeholder image

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය හෙට උදෑසන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. වාහන 600ක ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා සහ හෝටල්වලින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණයේ ඉදිකර ඇති වෙළඳසැල් ගණන 1192ක්. එමෙන්ම මහල් හතරකින් සමන්විත වෙළද සංකීර්ණයේ […]


Nov
19

නුවන් සොයිසා චෝදනා තුනකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරු වෙයි

Generic placeholder image

හිටපු පුහුණුකරුවෙක් මෙන්ම වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය විසින් චෝදනා තුනක් සඳහා වරදකරු බවට තහවුරුකර තිබෙනවා. ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ බව කියන අක්‍රමිතා හේතුවෙන්. තරඟ තීරණ අයථා ලෙස වෙනස් කිරීමට […]


Nov
19

බෝගම්බරින් පැන යාමට තැත් කිරීමේදී මියගිය රැඳවියාට කොරෝනා බව අනාවරණ වෙයි

Generic placeholder image

බෝගම්බර පැරණි බන්ධනාගාරයෙන් පළා යෑමට තැත් කිරීමේදී මිය ගිය රැඳවියාට සහ පළා යෑමේදී පොලිසිය අත්අඩංගුවට ගත් රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පෙරේදා රාත්‍රී නිරෝධායනයට ලක්කර සිටි රැඳවියන් පස් දෙනෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කර තිබුණා. ඉන් තිදෙනෙකු අල්ලාගෙන තිබූ අතර සෙසු දෙදෙනාගෙන් එක් අයෙක් පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියෙකුගේ […]


Nov
19

කොරෝනාවලට එකතු වූ අලුත් රෝග ලක්ෂණ

Generic placeholder image

ගඳ, සුවඳ සහ ආහාරවල රසය නොදැනීම ද කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව කියා සිටියා.


Nov
19

කොළඹ හුදෙකලා ප්‍රදේශවල ජනතාවට හෙට සිට ගිලන් රථ සේවාවක්

Generic placeholder image

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ හුදෙකලාකර ඇති කලාපවල ජනතාව වෙනුවෙන් හෙට සිට විශේෂඥ වෛද්‍ය සහ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. 011 3 422 558 දුරකතන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධයෙන් වැඩිදු තොරතුරු ලබා ගත හැකි වනවා. 


Nov
19

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින් ප්‍රවාහනයට බස් රථ සේවාවක්

Generic placeholder image

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණයකර තිබෙනවා. එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සේවක සේවිකාවන් ඔවුන්ගේ සේවා ස්ථාන වෙත සෞඛ්‍යාරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. එම බස් රථ සේවය ලබා ගැනීමට අවශ්‍ය ආයතන ජාතික […]


Nov
19

තවත් ආසාදිතයින් 243ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 243 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,136 දක්වා ඉහළ ගියා.


Nov
19

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන නිවේදනයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 16 වැනිදා සිට යළි ආරම්භ කෙරුණා. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ ඔක්තෝම්බර් මස 7 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා දඩ නොමැතිව එම බලපත්‍ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය […]


Nov
19

හුදෙකලා ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පිරිවෙන් 23 වැනිදා ආරම්භ කෙරේ

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද යළි ආරම්භ කිරීමට තීරණයකර තිබෙනවා. දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව අදාළ පිරිවෙන් සහ අධ්‍යාපන ආයතන ලබන 23 වැනිදා සිට විවෘත කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post