News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

කැලෑවක් තුළ එල්ලෙමින් තිබියදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයා ගනියි

Generic placeholder image

පිටිගල, පොරවගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් ඔහුගේ නිවස පිටුපස කැලෑවක එල්ලෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. අදාළ තරුණයා නාගොඩ, තල්ගස්වල ප්‍රදේශයේ යතුරුපැදයකින් යමින් සිටියදී සංචරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් එය නවතන ලෙසට පොලිසිය සංඥාකර තිබුණා. එහෙත් නොනවත්වා ධාවනය කළ යතුරුපැදිය සහ අදාළ තරුණයා පසුව පොලිසිය සොයාගෙන ඇති අතර ඔහුව පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් […]


Nov
16

නිරෝධායනයට ලක්කර සිටි 8 හැවිරිදි දැරියක් හදිසියේ මියයයි

Generic placeholder image

දිවුලපිටිය ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර තිබූ පවුලක 8 හැවිරිදි දැරියක් හදිසියේ මියගොස් තිබෙනවා. මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවන්නේ, එම දැරියගේ පියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව පවුලේ සියල්ලන් නිරෝධායනය සඳහා යොමුකර තිබුණා. නිරෝධායනය වෙමින් සිටි අතරතුර අදාළ දැරිය හදිසියේ මියගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේ වන අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් […]


Nov
16

2021 අයවැය හෙට පාර්ලිමේන්තුවට

Generic placeholder image

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය මෙරට 75වැනි අයවැය වාර්තාව ද වනවා. 2021 විසර්ජන කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් මස 6 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු පසුගිය 20 වැනිදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා […]


Nov
16

කොරෝනා පාලනයට ඇමරිකාවේ ප්‍රාන්ත රැසකට සංචරණ සීමා

Generic placeholder image

ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එරට ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ, සංචරණ සීමා පැනවීම සඳහා එරට බලධාරීන් නව කොන්දේසි කිහිපයක් ද හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව ඇමරිකාවේ වොෂිංටන්, මිචිගන්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට කටයුතු යොදා තිබෙනවා. මේ […]


Nov
16

නව ආසාදිතයින් 229 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස වාර්තා වූ සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
16

කොරෝනාවට එරෙහිව සටන් කළ හැකි නව එන්නතක් ඇමරිකාවෙන්

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව සියයට 95කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකාවේ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. මින් පෙර ද එරට සමාගම් දෙකක් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව පැවසෙන එන්නතක් […]


Nov
16

ප්‍රවීණ ගායන ශිල්පී පොල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

කලක සිට රෝගාතුරව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 68ක්. පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ඥාතීන් පැවසුවේ. වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පෝල් ප්‍රනාන්දු මහතා සඳ පාන වගේ,ගොලු හදවත විවර කරන්න, ආවේ […]


Nov
16

තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ කවදාද ?

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් මස 23 වැනි සඳුදා වන නමුත් එලෙස ආරම්භ වනවා නම් ආරම්භ වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බවයි අධ්‍යපන අමාතවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. ඒ පිලිබදව අවසන් තීරණය ඒ අනුව ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Nov
16

තවත් 311 දෙනෙක් සුව අතට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගියා. ඒ, අද තවත් 311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මේ වනවිට රෝහල්ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,423ක් ලෙසයි. එමෙන්ම කොරෝනා වෛරසය බවට සැක සහිතව රෝහල්ගතකර […]


Nov
16

ගිනි අවි බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝ කරයි

Generic placeholder image

2021 වසරට අදාළ සියලුම ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝකර තිබෙනවා. එහි අවසන් දිනය ලෙස මින් පෙර නම්කර තිබුණේ එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා වන අතර එය ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම බලපත්‍ර අළුත් […]


Nov
16

ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණයකර තිබෙනවා. සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට පක්ෂයේ සභාපතිවරයා ලිඛිතවා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.


Nov
16

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

Generic placeholder image

දිවයිනට උතුරු, ඊසාන, නැගනෙහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන්නන්ට එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී සැළකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවලට ඉහළින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත […]


News Articles
Latest Videos
Most Popular Post