මේ වන විට බස්නාහිර පළාතට පනවා තිබෙන ඇදිරි නීතිය ලබන සදුදා සඳුදා උදෑසන 5.00 න් පසුව තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අදහසක් නොමැති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී රට වසා දැමීමට කිසිදු අදහසක් ජනපතිවරයාට නොමැති බව සදහන් කළා. […]
සහල් මිල සඳහා නව පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ඇති. අදාළ ගැසට් නිවේදනය පහතින් :
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවස තුළ ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා පසුගිය 2 වැනිදා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මියගොස් තිබෙනවා. ඔහුගේ දේහය සම්බන්ධයෙන් අද දින සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මියයාමට ආසන්නතම හේතුව අනුව එම මරණය […]
කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේ සිටියදී මියගොස් ඇති අතර ඇයගේ දේහය පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම කාන්තාව කොරෝනා ආසාදිතව සිට ඇති බව හඳුනාගෙන තිබෙනවා. අදාළ කාන්තාව මසකට අධික කාලයක් රෝගී වී නිවසේ සිට ඇති බවත්, නිධන්ගත රෝගවලින් පෙළී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එම කාන්තාව මිය […]
2019/2020 තක්සේරු වර්ෂ සඳහා වන ආදායම් වාර්තා ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන්නේ නම්, නියමිත දිනට වාර්තා ගොනු නොකිරීමට අදාළ දඩ පනවන්නේ නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම ආදායම් වාර්තා ගොනු කිරීමට අදාළ අවසන් දිනය මේ මස 30 වැනිදා වුව ද දැනට රට තුළ පවතින තත්ත්වය මත බදු ගෙවන්නන්ට […]
සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,000 ඉක්මවමින් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 274 දෙනෙකු වාර්තා වුණා. ඉන් 7 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගැනුණු අතර අනෙක් 267 දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ආසාදිතයින් 6097 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය […]
කොරෝනා වෛරසයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඇඳිරි නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිතුමා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, කොවිඩ් මර්දන කාර්යය සාධක බලකා සාමාජිකයින් අද හමු වූ අවස්ථාවේදීයි. […]
මෙරට 22 වැනි සහ 23 වැනි කෝරෝනා මරණ ඊයේ වාර්තා වූ අතර ඔවුන් දෙදෙනාම කොළඹ මහනගර සභා සීමාව තුළ පදිංචිව සිටි කාන්තාවන්. ඉන් එක් කාන්තාවක් පසුගිය පළමුවැනිදා මියගොස් තිබුණා. 68 හැවිරිදි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත්තේ ඇයගේ දේහය පිළිබඳ කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුවයි. ඒ අනුව එය මෙරට සිදු වූ 22වැනි කොරෝනා […]
මොණරාගල බන්ධනාගාරයේ නිලධාරීන් හා සිරකරුවන් අතර ඊයේ ඇති වූ ගැටුම හේතුවෙන් සිරකරුවෙකු මියගොස් නියාමකවරයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි. අදාළ සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි උලුපිටිය ගමගේ උපුල් නිලන්ත නොහොත් “මැක්කා” නැමැත්තා බවට කරුණු අනාවරණ වී තිබෙනවා. ඊයේ පෙරවරුවේ සිර කුටි විවෘත කිරීම ප්‍රමාද වීම ගැටුමට හේතුව බවයි බන්ධනාගාර […]
කොරෝනා ආසාදිත බව තහවුරු කරන PCR පරීක්ෂණ වාර්තා ලැබීමට බොහෝ විට පැය 48 ක් එනම් දින දෙකක කාලයක් යෑම සැලකිය යුතු ප්‍රමාදයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සිදු කිරිමටත් PCR ප්‍රතිඵල අනුව නිවැරදි තීරණ ගැනීමට නොහැකි තත්වයක් ඇති ව තිබෙන බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් […]
දිවයිනේ ඇතැම් පළාත් සහ දිස්ත්‍රික්කවලට ඇතිවිය හැකි වැසි තත්වය පිළිබඳ සඳහන් නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඌව, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් අම්පාර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා. එම ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා […]
මේ වන විට ඇමෙරිකා ජනපතිවරණයේ තීරණය අවසන් අදියරට පැමිණෙමින් තිබෙනවා. මේ අනුව ඉන්දියාවේ හින්දු පූජකයන් පිරිසක් එක්ව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූජා පවත්වන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත මෙන්ම ඩිමොක්‍රැටික් පක්ෂ උපජනාධිපති අපේක්ෂිකාකමලා හැරිසන් ඉන්දීය සම්බවයක් සහිත කාන්තාවක් වීමද විශේෂත්වයකි.