ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ධිවර වරාය තුලදී ඇති වූ හෘද රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණ අතර එය සටහන් වන්නේ ආසාදිතයින් 866 ලෙසයි. මෙහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් ආසාදිතයින් 535 දෙනකු වාර්තා වූණා. මෙම ආසාදිතයින් 866 දෙනා වාර්තා වූ ප්‍රදේශ නම්, වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, […]
මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. අදාල පුද්ගලයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
අද උදැසන කොස්ගම රෝහලෙන් පැන ගිය 26 හැවිරිදි කොරෝනා අසදිතයා අද දහවල් බොරැල්ලේ සහස්පුර නිවාස සංකීර්ණයේ නිවාසයක සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. මෙම පුද්ගලයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ අනුව රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ තිබෙන බවත් ඉන් පසුව […]
පසුගියදා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහාත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. අදාළ පැමිණිල්ල කර ඇත්තේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට බලාපොරොත්තුවන බව එම කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවසුවා. ඉදිරියේදී මෙම සිද්ධිය සම්වබන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ද දැනුවත් කිරීමට […]
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා. මේ වසර තුලදී අවස්ථා 05 කදී බැංකු පොලී අනුපාත අඩු කර තිබෙන බවත් බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව […]
යුරෝපා කලාපය තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා දෙවන රැල්ල පළමු රැල්ලේ තත්ත්වයට වඩා දරුණු බවයි. ඉතාලියේ දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක පසුගිය සතිය තුළ එරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පළමු රැල්ලට වඩා ඉහළ මට්ටමක පවතින බව විදෙස් වාර්තා කරනවා. […]
පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තොග වශයෙන් මාළු බෙදාහරින ස්ථානයක්වීම හේතු කොටගෙන දිවයින පුරා මාළු වෙළෙද සැල් වල එම මාළු විකිණීම දක්නට ලැබෙනවා. මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාළු පාරිභෝජනය පිලිබදව ජනතාව අනිසි බියක් ඇති කර ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා […]
එල්.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේ නිල කාලසටහන නිකුත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා තරඟාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරඟය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත බවයි. නොවැම්බර් 21 වැනිදා සවස 3ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එල්.පී.එල්. තරඟාවලියේ සමාරම්භය සනිටුහන් වන අතර එදිනම රාත්‍රී 7.30ට පළමු තරඟය Colombo Kings කණ්ඩායම […]
බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සිටි අයෙක් වන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට මාරු කර යවා තිබෙනවා. ඔහු සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කර ඇති […]