වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක් ඇතිකර ඉන් පලායාම සඳහා රැඳවූවන් පිරිසක් කුමන්ත්‍රණය කරමින් සිටින බව බන්ධනාගාර බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. වැලිකඩ චැපල් වාට්ටුවේ රඳවා සිටින ඉන්දික නමැත්තකු මෙම කුමන්ත්රණයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස හදුනා ගෙන ඇති අතර ‘රිවස්’ නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයක් රැඳවූවන්ට ලබාදී සිහි විකල් තත්ත්වයට පත්කර කැරැල්ලක් ඇති කිරීම සැලසුම වී තිබෙනවා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒම තීන්දුව පසුගිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබුණේ, පසුගිට 10 වැනිදායි. කැබිනට් අනුමැතිය හිමිවූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව එම සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් විවිධ […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. උතුරු පළාතේ තැනින් තැන විශේෂයෙන් උදය කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ ත්‍රිකුණාමලය, මඩකලපුව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ සුළං ඇතිවිය හැක.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධසැල් අද දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ් අනුව අදාළ වෙළදසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබෙනු ඇති. අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට පැමිණීමේදී නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට ද සෞඛ්‍ය අංශ මහජනතාවට […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුවේ අත්අඩංගුවට පත් වූ රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 27 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ්, ඔහුව ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරාය පැවසුවා. පසුගිය මහමැතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින් ඡන්දය […]
මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්වුණා. අද අලුයම ඒම වැටලීම සිදුකර අැති අතර ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා. ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් […]
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඔහුව මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත රැගෙන ආවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. අද අලුයම දෙහිවල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී දින හයකට පසුවයි.
කොරෝනා වෙෙරසය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයින් යොමු කරන ලද ණය අයදුම්පත් සදහා රුපියල් බිලිනයන 178ක් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එලෙස ඉදිරිපත්ව තිබූ අයදුම්පත් සංඛ්‍යාව 61,907ක් වන අතර ප්‍රතිලාභීන් 45,582 දෙනෙකු සදහා අදාළ මුදල් හිමි වනවා. මහ බැංකුව නිවේදනය කළේ, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම 20-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම අද සිදු කිරීමට නියමිතයි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර අැති […]
අත්අඩංගුවට ගත්, මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට සැගව සිටීමට උපකාර කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසසනවා. අද කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්අඩංගුවට පත් පිරිස අතර වෙෙද්‍යවරියක් ද සිටින බවයි.
පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඒරට වැසියන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවටයි. පකිස්තානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන බවයි ඒරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. පකිස්තාන හිටපු […]
අද අලුයම අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තෙම්න්තුව මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා. මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත් වුණේ, දෙහිවල, ඒබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැගව සිටියදීයි. ඔහුට සැගව සිටීමට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ අදාළ නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් ද ප්‍රශ්න කිරීම් ආරම්භකර තිබෙනවා. මන්ත්‍රීවරයාට […]