News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙන තෙක් අත්හිටුවයි

Generic placeholder image

රාජ්‍ය ආයතනවල මහජන දිනය යළි දැනුම් දෙනතුරු නොපැවැත්වීමට අදාළ ආයතන වෙත රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා. ඒහි ලේකම්වරයා පැවසුවේ, රාජ්‍ය ආයතනවල කටයුතු අත්‍යාවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන ලෙසට ඒම ආයතන වෙත දැනුම් දී ඇති බවයි. ඒමෙන්ම කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තියත් සමග පුද්ගලයින් එක්රැස්වන ස්ථානවලට යාම හැකිතාත් අවම කළ යුතු බවයි […]


Oct
19

ආමර්වීදිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිරෝධායනයට

Generic placeholder image

ආමර්වීදිය පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 16 දෙනකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ එම පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට ද කොරෝනා අසාදිත බව තහවුරු වීමත් සමගයි.


Oct
19

කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් හා ආගම් අතර විරසක ඇති වන පරිදි ප්‍රකාශ ඇති වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධව බත්තරමුල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කරන්නේ මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.


Oct
19

බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

Generic placeholder image

කළුතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු පුත්තලම – සෙනකුඩිඉරිප්පුව ප්‍රදේයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අදාළ නිලධාරියා අත්අඩංගුවට ගත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුත්තලම නිලධාරීන් විසින්. ඒම නිලධාරියා සතුව තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 9ක්. අත්අඩංගුවට පත් වූ නිලධාරියාගේ බිරිද උසස් පොලිස් නිලධාරිනියක් බවට ද වාර්තා වනවා.


Oct
19

ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටිය පනියි

Generic placeholder image

ලොවපුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි දෙලක්ෂ 64,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ් අනුව කොරෝනා මරණ ගණන ඒකොළොස් ලක්ෂ 18,167ක් දක්වා ඉහළ ගියා. මේ අතර යුරෝපයේ මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගොස් ඇති අතර ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශයේ සහ ඉතාලියේ ආසාදිතයින් වාර්තා වීම පසුගිය දින දෙක තුළ දස දහස ඉක්මවා […]


Oct
19

ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපති පවසයි

Generic placeholder image

පළමු කොවිඩ් ආසාදිත රෝගියා වාර්තා වීමෙන් පසුව ගතවන 03 වන සතියයි මෙය වන අතර මේ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය පිලිබදව යම් නිවැරදි තත්වයක් ඉදිරි සතිය තුල දැනගත හැකි බවත් ඒ අනුව ඉදිරි සතිය තීරණාත්මක බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරනවා. නිරෝධායනයට යොමු නොවූ තොරතුරු නොදුන් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව තවත් […]


Oct
19

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් පළමු වරට තරගයක් දෙවන සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යයි

Generic placeholder image

ipl තරගාවලියේ ඊයේ පැවැති මුම්බායි ඉන්දියන්ස් පිළ හා කිංග්ස් ඉල්වන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේදී ජයග්‍රහණය තීරණය කරනු ලැබුවේ දෙවන සුපිරි පන්දු වාරයකින්. එම තරගයේදී කණ්ඩයම් දෙකම ලකුණු 176 ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී ජයග්‍රහණය තීරණය කිරීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී ද දෙපිලම ලකුණු සම තත්වයකට පත් වීම නිසා විස්සයි විස්ස […]


Oct
19

හුදෙකලා ගම්මානවල උසස් පෙළ සිසුන්ට විභාගයට පෙනී සිටීමට විශේෂ මධ්‍යස්ථාන

Generic placeholder image

මතුගම අවට හුදෙකලා කර අැති ග්‍රාම නිලධාරි වසම් තුනෙහි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට ඒ් සදහා පෙනී සිටීමට වෙනම විභාග මධ්‍යස්ථාන සකස්කර තිබෙනවා. මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පැවසුවේ, ඒ අනුව ඔවුන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානවලම වෙනම පරිශ්‍ර විභාග කටයුතු සඳහා වෙන්කර ඇති බවයි. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඕවිටිගල , බදුගම සහ බදුගම නව ජනපදය යන ග්‍රාම […]


Oct
19

සවස් කාලයේ වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


Oct
19

රිෂාඩ් බදුර්දීන් අත් අඩංගුවට

Generic placeholder image

දෙහිවල ප්‍රදේශයේ සැඟවී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා අද අලුයම් කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Oct
18

ගම්පහට අනිද්දා සිට රුපියල් 5000 දීමනාව

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමට ලක්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සදහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබන අගහරුවදා සිට ලබා දීම ආරම්භ කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරන්නේ. ඒ එම වැඩසටහනේ පළමු අදියර යටතේයි.


Oct
18

නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

Generic placeholder image

නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම නාවික සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටියදි කරන ලද පරීක්ෂණ වලිනුයි මේ බව හදුනාගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post