නවසීලන්තයේ ජැසින්ඩා ආර්ඩර්න් අග්‍රාමාත්‍ය ධූරයට දෙවන වරටත් පත්වී තිබෙනවා. ඒ විශිෂ්ට ජයක් අත් කර ගනිමින්. ඒ අනුව ඇයගේ පක්ෂය එම ජන්දයෙන් පක්ෂය 49% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුණා. ඇයද එරට තුලව ව්‍යප්ත වෙමින් තිබු කොරෝනා වෛරසය සාර්ථකව මැඩලීම සදහා ප්‍රශංසනීය වැඩපිළිවෙළක් දියත් කල අතර මෙයද එම ජයග්‍රහණයේ ප්‍රධාන හේතුවක් බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.
කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොරෝනා අසාදනය වී තිබෙන බව වාර්තා වනවා. මේ අනුව ඔවුන්ගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට හදුනාගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි වැඩි දුරටත් යුධ හමුදාපතිවරයා සදහන් කලේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මුරුතලාවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව ඔහු මහනුවර පෞද්ගලික රෝහලක රසායනාගාරයකින් ලබා ගත් පිසීආර් වාර්තාවක් මගින් ඔහුට දැනුම් දී තිබු අතර එහිදී ඔහුව ලග්ගල රෝහලට ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා. කෙසේ වෙතත් දෙවන වර සිදු කරනු ලැබූ පීසීආර් පරික්ෂණයට අදාල වාර්තාවෙන් එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමග අදාල රසායනාගාර […]
මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ගම්පහ පොලිස් බල ප්‍රදේශ 19කට පනවා තිබෙන නිරෝධායන ඇදිරි නිතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බල පැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ. මේ අනුව ඇදිරි නීතිය කඩ නොකර හැකි තාක් ඒ ප්‍රදේශ වල ජිවත් වන ජනතාව නිවෙස් වලට වී කාලය ගත කරන ලෙසද ඒ මහතා […]
මේ වන විට පවතින තත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ නොපැලඳ සිටි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සිටි පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම දඹුල්ල පොලීසිය, මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව සිදු කර ඇති අතර පසු ගියදා මෙම ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු සැරිසැරූ බවට තහවුරු වීම නිසාත් එහිදී සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂාවලින් රෝගීන් […]
මාරාන්තික කොරෝනා වෛරසය හදුනාගත හැකි වේගවත් ඇන්ටිජෙන් පරීක්ෂණයක් පර්යේෂක පිරිසක් විසින් අත් හදා බලා තිබෙනවා. මේ අත් හදා බැලීම සිදු කර තිබෙන්නේ ඔක්ස්ව්ර්ඩ් සරසවියේ පරීක්ෂක පිරිසක් විසින්. මේ අනුව අන් වෛරස වලින් කොරෝනා වෛරසය හදුනාගත හැකි ලාභදායි ඉතා නිවැරදි වේගවත් පරීක්ෂණයක් සිදු කර ගත හැකි බවයි අවදාරණ වන්නේ. 2021 වසරේ මුල් කාලය වන විට මෙය […]
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබෙනවා. මේ අතර හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ශ ලෙස පත්කර යවා තිබෙනවා. මේ අතර රිශාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පසුගියදා නීතිපතිවරයා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශ වරයාට සිය අප්‍රාසාදය පළ කළා.
කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ, රැඳවුම් නියෝග මත සිටින මාකඳුරේ මාධුෂ් ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කරගත් තොරතුරුවලට අනුව එම හෙරොයින් තොගය සොයාගත් බවයි. සමසරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මෙරට තුළ සිදු වූ සංවිධානාත්මක අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට […]
කොරෝනා වෙෙරසය හේතුවෙන් විදේශ රටවල සිර වී සිටින ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම ලබන සතියේ සිට අරඹන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. වෙෙරසයේ ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව නවතා ඇති අතර දැනට භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් විදෙස් රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මේ […]
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙන්නේ සිව්වැනි දිනටයි. අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවරට පෙනී සිටියේ, පසුගිය 05 වැනිදායි. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ […]
හික්කඩුවේ කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම් අතුරතුරඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලටඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේය ඇය මියගොස් ඇති බවයි. හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි අදාළ […]