ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේ දී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍ර පිළිබද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, පසුගිය මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරත වීම මෙම […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.
මුලතිව් – කෝකිලායි මාර්ගයේ සිලාවත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදු වූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොකිලායි දෙසට ධාවනය වු ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ රථවාහන රාජකාරීවල නිරතවෙමින් සිටි පොලිස් සැරයන්වරයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ, අනතුරින් බරපතළ තුවාල ලැබු පොලිස් සැරයන්වරයා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි. මෙලෙස මියගියේ, උලපනේ, ගම්පොළ […]
රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු ජ’ පුර සරසවිය අසල තැනකයි නවාතැන් ගෙන සිටින්නේ.
යුරෝපයේ කොරෝනා වෙෙරස අාසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යාම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කෙසේ වෙතත් පවතින තත්ත්වය ඉකුත් අප්‍රේල් මාසයට වඩා යහපත් බවයි එම සංවිධානයේ යුරෝපා කලාප ප්‍රධානී හෑන්ස් ක්ලූග් ප්‍රකාශ කළේ. එහෙත් වෛරසය ව්‍යාප්ත වීම මර්දනයට පැන වූ රෙගුලාසි ලිහිල් කළහොත් ලබන වසර වනවිට කොරෝනා ආසාදනයෙන් යුරෝපයෙන් වාර්තා වන මරණ […]
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසිසහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති වේ. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැක.
සිය සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම් පත්‍ර මහනගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවෙන් භාරගැනීමට කටයුතු යොදා ඇති බව කොළඹ මහානගර සභාව නිවේදනය කළා. නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනතාවට මහනගර සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි. වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි […]
අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල වෙළදසැල් හා ඔෞෂධහල් අද දිනය තුළ විවෘතව තැබීමට රජය තීරණය කළේ ඊයේ පස්වරුවේයි. එ් අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා අැදිරි නීතිය පනවා අැති ප්‍රදේශවල අාහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළදසැල් සහ ඔෞෂධහල් විවෘතව තැබෙනු අැති. අද දිනයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජනතාව ක්‍රියා කිරීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක […]
නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දඩුවම් පැමිණවීමට අදාළ නිරෝධායන නීති අැතුළත් නව ගැසට් පත්‍රය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා. එ් අනුව නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට රුපියල් දසදහසකට නොවැඩි දඩයක්, මාස 6ක සිර දඩුවමක් යන දෙකම හෝ ඉන් එකකට යටත් වියයුතු වනවා. අදාළ ගැසට් පත්‍රයේ ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට අැතුළු වීම මෙන්ම පවත්වාගෙන යාම පිළීබදවත් කරුණු […]
බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]
පවතින තත්වය හමුවේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ පියවරක් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුවන සාකච්ඡා වලදී අගමැති අසුන් ගෙන සිටින මේසය මත විදුරු ආවරණයක් සකස් කර තිබෙනවා. එමෙන්ම සාකච්ඡා වලට සහභාගී වන සියලු නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගමනය කල යුතු වෙනවා.