මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන ගල්කිස්ස, බඩෝවිට පදිංචි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.
පාර්ලිෙම්න්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එ්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ මහජන මුදල් අවභාවිත කරමින් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනාවලට අදාළවයි.
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයවළුන් වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්රිත පොකුරෙන් මොවුන් හදුනාගෙන තිබෙනවා.
ස්වභාවික අාපදාවන් අවම කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ඔක්තෝබර් 13 වැනිදා ප්‍රකාශයට පත්කර අැත්තේ, අාපදා අවදානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සදහා වන ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගිනි. මෙවර ඒහි තේමාව වී අැත්තේ, ‘අාපදා අවදානම් පාලනය’ යන්නයි. ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 නවතම දත්තවලට අනුව කාලගුණය අාශ්‍රිතව සිදු වූ කුණාටු, ගංවතුර, තාප තරංග අාදියෙන් සිදු […]
පවතින තත්වය සැලකිල්ලට ගෙන බස්නාහිර පළාත තුළ දිනපතා බැහැරලන වෙන් කළ කසළ මලු වලට අමතරව කොරෝනා බවට සැක නිවැසියන්ගෙන් සනීපාරක්ෂිත අපද්‍රව්‍ය බැහැරලීමට කහ පැහැති බෑගයක් භාවිතා කරන ලෙසට අදාල පුද්ගලයින්ට බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය දැනුම් දෙනු ලබනවා. එමෙන්ම කහපාට කසළ මලුවල බහාලන කසළ ද දින දාහතරක් සිය නිවාස පරිශ්‍රයේම තබා ගනිමින් එයද නිරෝධායනයට ලක් […]
කොරෝනා ආසාදිතයින් කිහිපදෙනකු බොරැල්ලේ වෙළෙදපොලවල් රාශියක සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ කඩවල් 06ක් පමණ මෙලෙස වසා දැමීමට තීරණය කර තිබෙනවා.
පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනයේ ද සේවකයන් 19 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. මේ වන විට එම ආසාදිතයින් ගාල්ල කොග්ගල, මාතලේ ලග්ගල, පල්ලම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා.
පවතින තත්වය හමුවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස සියලු ආයතන ප්‍රධානින් ගෙන් ඉල්ලීමක් කරන බව පොලීසිය සදහන් කරනවා. එය ඉතා වැදගත් බවත් ඉදිරි දින 03 තුලදී එම කටයුතු සිදු කොට අවසන් කිරීමට වගබලා ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ […]
පූගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙකු අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ඔහු මියයාමේ සිද්ධියක් ගැන වැඩ බලන පොලිස්පතිවරයාෙග් උපදෙස් මත පරීක්ෂණයක් අාරම්භකර තිබෙනවා. පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ, මත්ද්‍රව්‍ය චෝදනාවක් මතයි. ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට අැතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය […]
හදුනාගත් මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්රිත කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබෙනවා. එය සටහන් වන්නේ 1,397ක් ලෙසයි. ඊයේ දිනයේ දී එම පොකුරෙන් නව ආසාදිතයින් 90 දෙනෙකු හදුනාගත් අතර ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු නිරෝධායන මධ්යස්ථානවලින්අ නෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ සමීපතමයින් වනවා.
රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]
දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි. ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්. පසුගිය සති දෙකක පමණ සිට […]