දිවයින තුළ මේ වනවිට කොරෝනා වෙෙරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එ් අනුව මෙතෙක් වාර්තාව වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5038ක්. මෙතෙක් සුවය ලබා අැති සංඛ්‍යාව 3328ක් වන අතර 1697 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායන සිදු කල පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ එම පුද්ගලයා නැවත විදේශ ගත වීමට පෙර සිදු කරන ලද PCR පරීක්ෂණයෙනි. අදාල පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා..ඔහුගේ නිවැසියන් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් මේ වනා විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා. එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් […]
මේ වන විට කොළඹ නගරය තුල වෙසෙන පුද්ගලයින් 2884කගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනකු හට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය වැඩි දුරටත් සදහන් කරන්නේ එම 10 දෙනාගෙන් 05 දෙනෙකු පමණක් කොළඹ නගරය තුල ජිවත් වන පුද්ගලයින් බවයි. කෙසේ වෙතත් […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම […]
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ආසාදිතයන් අතරින් 62ක් නිදහස් වෙළෙඳ කළාපය තුලින්ද ඉන් පිටත කර්මාන්තශාලාවලින් 12 මෙලෙස සොයාගෙන තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට අද තෙවෙනි දිනටත් පැමිණියා. වික්‍රමසිංහ මහතා පසුගිය 6 වැනිදා ද කොමිසම හමුවේ පෙනී සිටි අතර එහිදී ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඔහු කළ ඉල්ලීමක් මත සාක්ෂි විමසීම අද දින දක්වා කල් තැබුණා. ඒ මහතා අද දින කොමිසම හමුවේ පෙනී සිටියේ ඒ […]
මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් නව ආසාදිතයින් 49 ක් මේ වන විට හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින්32 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින්ගේ 17 ක් ලෙස ඔවුන් තහවුරු කර ගෙන තිබෙනවා.
ඉන්දියානු සාගරය තුළ හටගත් බව පැවසෙන භූචලනයක් පිළිබද තොරතුරු අැතුළත් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සම මුහුදු ප්‍රදේශ අාශ්‍රිත ජනතාව නොසන්සුන් වී අැතැයි වාර්තා වනවා. නමුත් එවැනි කිසිදු භූ චලනයක් සිදුව ෙනාමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ නිවේදනය අසත්‍යයක් බවත් සියත කළ විමසීමකදී අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එහි අධ්යක්ෂ ජනරාල් සුදන්ත […]
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වන ගල්කිස්ස, බඩෝවිට පදිංචි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පිහිටි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය නැරඹීමට ද ගොස් තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා.
පාර්ලිෙම්න්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. එ්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සහ මහජන මුදල් අවභාවිත කරමින් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඡන්දය භාවිත කිරීම සදහා අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනාවලට අදාළවයි.
කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. එම පුද්ගලයින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අයවළුන් වන අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්රිත පොකුරෙන් මොවුන් හදුනාගෙන තිබෙනවා.