News Line| Off Air
Generic placeholder image

Oct
8

අද කාලගුණ තත්ත්වය මෙන්න

Generic placeholder image

අද(08) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සදහන් කරයි. ඇතැම් ප්‍රදේශ වලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය […]


Oct
7

සීදූවටත් නිරෝධායන ඇඳිරිනීතිය

Generic placeholder image

පවතින තත්වය හමුවේ සීදූව පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව පොලීසිය සදහන් කරනවා.


Oct
7

කොරෝනා රෝගියෙක් රාගම රෝහලෙන් පැන යයි

Generic placeholder image

රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් ඊයේ දහවල් කාලයේදී සිදු කරන ලද PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. අදාල පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පැන ගිය පුද්ගලයා සොයා මේ වන විට විමර්ශ ආරම්භ කර තිබෙනවා.


Oct
7

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හේතුවෙන් වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දිය පිළිබද වාර්තාව ඉදිරි දින කිහිපය තුළ

Generic placeholder image

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දු වීම හේතුවෙන් සිදුවු සමුද්‍ර දුෂණයට අදාළ වන්දි ගණනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඒම අධිකාරිය පැවසුවේ, විශේෂඥ කමිටුවක් මගින් සිදු කරන අදාළ කටයුතු අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. නෞකාවෙන් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි ලබාගැනීම […]


Oct
7

විභාග ගැන අවසන් තීරණය අද පස්වරුවේ

Generic placeholder image

ලබන ඉරිදා සහ සදුදා පිළිවෙලින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට නියමිතව තිබු අතර මේ වන විට රටේ උද්ගතව ඇති කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙම විභාගයන් සැලසුම් කර ඇති පරිදි පවත්වන්නේද නැද්ද පිලිබදව අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල් .පීරිස් මහතා සදහන් කලේ.


Oct
7

කහ කිලෝ දෙදහසකට අධික තොගයක් වටලයි – වියළි මිරිස්, ගොරකා සහ ලුණුත් ඒ අතර

Generic placeholder image

කහ කිලෝ දෙදහස් හතලිස් හතරක ප්‍රමාණයක් ප්‍රවාහනයට සූදානම් කර අැති බවට සහ සගවා අැති බවට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ප්‍රදේශ කිහිපයකදී සොයාගත්තා‍. ඉන් කහ කිලෝ ඒක්දහස් දෙසීය අනූ හතක් සැකකරුවන් තිදෙනෙකු සමග නාවික හමුදාව උඩප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් කහ කිලෝ හාරසීය තුනක් නාවික හමුදාව ඊයේ සොයාගත්තේ […]


Oct
7

මන්ත්‍රී හරින් ප්‍රනාන්දුත් PCR පරික්ෂණයකට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද PCR පර්යේෂණයක් සිදු කරගෙන තිබෙනවා. එම පරීක්ෂණයද සිදු කර ගන්නා ආකාරය වීඩියෝවක් මගින් ඔහු සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙනවා.


Oct
7

කොරෝනා මැඩලන්න මේ වසර නිමාවට පෙර එන්නතක්

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොරෝනා මැඩලීම සදහා මේ වසර නිමාවට පෙර එන්නතක් භාවිතයට ගත හැකි වනු ඇති බවයි. ඒ අනුව ලබන වසරේ දී ලොව පුරා බිලියන 20 ක් පමණ එන්නත් ප්‍රමාණයක් බෙදා හැරීමටද බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරන්නේ.


Oct
7

පාර්ලිෙම්න්තු සැසිවාරය පැවැත්වීම ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

තවදුරටත් පාර්ලිෙම්න්තු රැස්වීම් පැවැත්වීම පිළිබද තීරණය කිරීම සදහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. රට තුළ පැතිර යන කොරෝනා වෙෙරස් තත්ත්වය හමුවේ  පිළිබද නිරීක්ෂණය කරමින් පාර්ලිෙම්න්තු සැසිවාර අඛණ්ඩව පවත්වාෙගන යාමට ඊයේ රැස් වූ පාර්ලිෙම්න්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා. නමුත් අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි […]


Oct
7

බ්‍රැන්ඩික්ස් සේවකයන් 250ක් නිරෝධායනයෙන් සැගවෙයි

Generic placeholder image

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 250 ක් පමණ නිරෝධායන කටයුතු වලින් සැගවී සිටින බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. කෙසේ හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. එමෙන්ම සිය ලිපිනයන් වෙනස් කර මේ මොහොතේ නිරෝධයනයෙන් සැගවි සිටින මෙම පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී නිරෝධායනය සදහා යොමු වන […]


Oct
7

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ කොවිඩ් පොකුරේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක – වැඩි දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක

Generic placeholder image

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගේ ශරීරගත වී තිබෙන කොරෝනා වෛරසයේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක පවතින බව යි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ආසාදිතයෙක් තුලින් වැඩි පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි එම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරන්නේ.


Oct
7

වරකාපොල ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ඩෙක්ස් කර්මාන්ත ශාලවේ කොරෝනා ආසාදිත පොකුරට අදාලව වරකාපොල හල්ලවින් ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වී තිබෙනවා. මෙම පුද්ගලයා මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post