News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

අද සවස 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Generic placeholder image

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.


Oct
6

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 246කට කෙරෝනා

Generic placeholder image

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 569කි.


Oct
6

හිටපු අගමැති රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා අද(06) දිනයේ පාස්කු කොමිසමට පැමිණ තිබේ.


Oct
6

තවත් කොරෝනා ආසාදිතයන් 220ක් හඳුනා ගනී

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


Oct
6

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද(06) දිනය‍ේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව […]


Oct
5

බන්ධනාගාරගත රැඳවියන් බැලීම සදහා අමුත්තන්ට යළි අවසර නෑ

Generic placeholder image

පවතින තත්වය හමුවේ දිවයිනේ සියලුම බන්ධනාගාරගත රැදවියන් බැලීම සදහා අමුත්තන්ට ලබා දී තිබු අවසරය යළි තාවකාලිකව අත් හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


Oct
5

කොරෝනා ආසාදිත ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, ඊයේ රෝහලෙන් පිටතට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විශේෂ මෝටර් රථයක නැගී රෝහලෙන් පිටතට පැමිණි අැමෙරිකානු ජනාධිපතිවරයා, රෝහල අවට රැස්ව සිටි සිය පාක්ෂිකයින්ට ආචාර කරමින් ගමන් කළ බවයි. මෝටර් රථය තුළ අසුන් ගෙන සිටි ජනාධිපති ට‍්‍රම්ප් මුඛ ආවරණයක් […]


Oct
5

විස්සට අදාළ පෙත්සම් සළකා බැලීම අදින් අවසන්

Generic placeholder image

විසිවැනි අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි අැතැම් වගන්ති අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කරන ලද විශේෂ පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කළා. ඒ අනුව ඊට අදාළ තීරණය ඒළඹෙන 13 වැනිදා කථානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. අද සිව්වැනි දිනට මෙම පෙත්සම් සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙදී සිදු වූ අතර ඒහිදී නීතිපති දප්පුල ද […]


Oct
5

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි

Generic placeholder image

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග තව දුරටත් පවතින තත්වය සමාජය තුල සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම සදහා වත්මන් තත්වය හදිසි තත්වයක් ලෙස දැනුම් දෙන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ අනුව යමින් රට තුල ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා බලධාරීන් විසින් සෑම පියවරක්ම ගනු ලබන බවයි එම අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
5

කොරෝනා ආසාදිත කාන්තාව සමග සේවය කළ අයෙක් මොණරාගල ප්‍රදේශයෙන් හමුවෙයි

Generic placeholder image

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ සමග සේවය කල අයෙක් මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන පරිදි සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගෙන එම සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ තිබෙන බව වැඩි දුරටත් වාර්තා වන්නේ. මෙම සේවිකාවද PCR පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර ඊට අදාල වාර්තාව අද සවස නිකුත් වීමට […]


Oct
5

තෙවන කොරෝනා බලපෑම

Generic placeholder image

තෙවන කොරෝනා බලපෑම දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෙෙරසය අසාදිත 39 හැවිරිදි කාන්තාවක් ඊයේ හදුනා ගත්තා. ඒ අනුව ඇයගේ 16 හැවිරිදි දියණිය ද පී.සී.අාර්. පරීක්ෂණයට ලක් කළ අතර අැයට ද වෙෙරසය අාසාදනය වී අැති බව ඊයේ පස්වරුව වනවිට තහවුරු වුණා. අදාළ කාන්තාවෙග් ස්වාමිපුරුෂයා,  පුතුන් දෙදෙනා මෙන්ම අැය සේවය කළ අැගළුම් කම්හලේ ස්වකයින් 1400කට අධික  […]


Oct
5

ඇඟලුම් කම්හලේ තවත් 69කට කොරෝනා

Generic placeholder image

දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ,ඇසුරු කල පුද්ගලයින් 69 දෙනකුට මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post