මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. එය අසළ වූ නිවසක් මතට කඩා වැටී ඇති බව සඳහන්. ඒ අනුව යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි. ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා […]
මෙරට දී හඳුනාගත් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3283 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(19) දිනයේ හඳුනාගැනීමත් සමගයි. මේ වන විට ආසාදිතයින් 3070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් රෝගීන් 200 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද(20) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද […]
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට අත්‍යවශ්‍ය නොවන ආනයන සිමා කර ඇති පසුබිමක මෙරට වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් ගත වනවා. මේ හේතුවෙන් වෙළෙඳ පොළේ ඇති වාහන ක්‍රමයෙන් අවසන් වන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ. කෙසේ වෙතත් වාහන ආනයනය සිමා කර තිබුනද එය තාවකාලික බවද ප්‍රකාශ කරන ඒ මහතා වැඩි මිල වහනමිල […]
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් හට ගුවන් ටිකට්පත සඳහා වට්ටමක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මේ අනුව සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත වන පුද්ගලයින් හටද මෙම සහනය ලබා දීමට හැකි බවද සාකච්ඡා කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් වන නාමල් රාජපක්ෂ හා ලිමිනි රාජපක්ෂ දෙපලට ලැබුණු කුළුදුල් බිළින්දා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස ගත් ජායා රූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ලෝකයේ මේ වන විට සෑම රටකම පාහේ තිබෙන සමාජීය අර්බුදයක් බවට පත්ව ඇති දෙයක් කාන්තා දුෂකයින් යෑම. කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජීරියාව නීති තද කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එරට දිනෙන් දින ඉහල යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතා හේතු කොටගෙනයි. නව නීති අනුව කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රය කපා […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.
පවතින බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වලට වැඩි ඉඩක් ලබා දීම හේතු කොටගෙන කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවලට බස් රියැදුරන් එළැඹෙන සඳුදා ධාවනයෙන් ඉවත් වන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ. මේ තත්වය මේ දිනවල බස් රථවල සිය සේවා ස්ථාන වෙත ගමන් කරන මගින් දැඩි අපහසුතාවයට පත්ව […]
ඉකුත්දා මහනුවර 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිලිබදව වාර්තා වූ අතර සිද්ධිය පිලිබදව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි. එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ නමුත් අදාල දැරිය […]
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයට යෙදුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය දිනයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කල අගමැති එහි ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වෙන ආකාරය දක්නට ලැබුණා.
ඉකුත්දා සිට ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතිය තුල ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා සහනයක් ලබා දීමට රථ වාහන පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ දිනයේදී බස්, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම නිසා එම මංතීරුවේ තදබදයක් පැවැති බව නිරීක්ෂණය වීම නිසයි.