අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබෙනවා.
මේ ජීවිතය හරිම කෙටියි. කොයි මොහොතේ අපිට මෙම ජීවිතයට සමුදෙන්න වෙයිද කියලා කවුරුත්ම දන්නේ නෑ. ඒ නිසා අපේ ජීවිතය කොයිම හෝ මොහොතක නැතිවෙන්න පුළුවන්. එත් අපි ආස නැද්ද ස්වල්ප කාලයක් හරි ඉදිරියට ජිවත් වෙන්න. මේ ඒ පිළිබද සටහනක්, අද ලෝකයේ බොහෝ දෙනකුට වැළදෙන මාරාන්තික රෝග අතර ඉතා සුලබ රෝගයක් තමයි HEART ATTACK කියන්නේ. ලෝකයේ සෑම […]
වසර දහස් ගණනක ඉතිහාසයක් හෙළි කරන ගිබ්‍රෝල්ටාර් පර්වතය තුළ සැඟව ඇති ගුහාව ඔත්තුකරුවන් හට ඇතුළත සැඟවීමට රහසිගත සැලැස්මක් අනුව සකස් කරන ලද්දක් බව පැවසිය හැකිය. ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ පිහිටි මෙම කුඩා භූමිය වසර ගණනාවක් තිස්සේ දරුණු රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමකට ලක්ව තිබෙනවා. ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය යැයි පැවසු මෙම ස්ථානය බ්‍රිතාන්‍යය විසින් පාලනය කරනු ලැබුවේ 1713 සිට ය. […]
චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට හිටපු මධ්‍යම බුද්ධි ඒජන්සියේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 67 හැවිරිදි ඇලෙක්සැන්ඩර් යුක් චිං මා සිකුරාදා අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන අතර . රහසිගත ජාතික ආරක්ෂක තොරතුරු චීන බුද්ධි අංශ නිලධාරීන්ට හෙළි කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. සීඅයිඒ හි පිරිස්, මෙහෙයුම් සහ සන්නිවේදනය […]
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බෝල්සොනාරෝගේ බිරිඳ, මිෂෙල් බෝල්සොනාරෝ නව කොරෝනා වෛරස රෝගයෙන් සුවය ලබා තිබෙනවා. 38 හැවිරිදි ජනාධිපති ආර්යාව පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 රෝගී තත්වය සම්බන්ධයෙන් කල අවසන් පරීක්ෂාවෙන් සෘණ ප්‍රතිඵලයක් ලැබුණ බවයි.
මෙරට ජාතික විදුලි පද්ධතියට 45% ක් විදුලි සැපයුම ලබා දෙන්නේ නොරොච්චෝල ලක් විජය විදුලි බලගරයෙන්ය. මේ අනුව ඊයේ දිනයේ හදිස්සියේ සිදු වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ සිසිලන පද්ධතියේ හටගෙන ඇති දෝෂය යථා තත්වයට පත් කිරීම සදහා දින 0 4ක් කාලයක් යනු ඇති බව විදුලි බල මණ්ඩලය සදහන් කරනවා. මෙය යථා තත්වයට පත් කරන තුරු මේ හේතුවෙන් […]
විධිමත් වැඩ පිළිවෙලක් යටතේ සියලු මෝටර් රථ නියාමනය සිඳු කල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමත් සමඟ අමාත්‍යාංශයට අයත් කාර්යය භාරය ජනාධිපතිවරයා විසින් ලිඛිතව ලබා දී තිබෙන අතර නව රජය […]
දිවංගත අමාත්‍ය අරුමුග තොන්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් හි පිහිටි බංගලාවේ හදිස්ස්සියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම 02 කට පමණයි. මෙම ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්නයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සදහන් කරනවා. ගින්න හටගන්නා අවස්ථාවේ බංගලාවේ මුරකරුවෙකු පමණක් සිට ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හැටන් දික්ඔය […]
මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 21,809 , 170 ක් ලෙසයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 775,000 ක්. එමෙන්ම මේ වන විට ලොව පුරා මෙම වෛරසය ආසාදනයෙන් සුවය ලබා ඇති පිරිස වන්නේ 13, 800,580 ක් ලෙස විදෙස් වාර්තා සදහන් කරනවා.
පෘතුවියේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයක් වනවා. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ලෙස 2013 දී ඩෙත් වැලි ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී තිබුණු අතර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද, හටගෙන තිබු බව සඳහන්.
ඊයේ දිවයින පුරා හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. මේ අනුව අද දින එම කමිටුව රැස්වීමට නියමිත අතර ඊට අදාල වාර්තාව සතියක් ඇතුලත ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියම කර තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින් වැසි වාර කිහිපයක් හැරුණු විට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.