News Line| Off Air
Generic placeholder image

May
20

සිනමා හා ටෙලි නාට්‍ය කටයුතු නැවත ආරම්භකරන්න උපදෙස්

Generic placeholder image

කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබෙනවා. මෙම කර්මාන්යට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපන, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්‍රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළ යුතු […]


May
20

ඊයේ වාර්තා වූ ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින්

Generic placeholder image

ආසාධිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලුතින් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ හදුනාගත් එම ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙනවා. මෙරට කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින් අතරින් 569 ක් පූර්ණ සුවය ලබා රෝහල් […]


May
20

අවදානමක් නැති දිස්ති‍්‍රක්ක හා පළාත් අතර පොදු බස් රථ ධාවනය අද සිට

Generic placeholder image

අවදානමක් නොමැති දිස්ති‍්‍රක්ක හා පළාත් අතර පොදු මගීබස් රථ ධාවනයට අද අවසර ලැබෙන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පැවසුවා. මෙලෙස මගී බස් රථ ධාවනය වුවද ඒවායේ ගමන් කිරීමට හැකි වන්නේ අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් බවත් බස් රථ තුළදී සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම අනිවාර්ය බවත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළා. කෙසේ වෙතත් කොළඹ, […]


May
20

මෙරට කොරෝනා ආසාධිතයින් 1027 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ වන විට වාර්තා වී ඇති ආසාධිතයින්ගෙන් 449 දෙනෙකු තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 569 ක්. මෙරටින් කොරෝනා ආසාධිත මරණ 09 ක් වාර්තා වනවා.


May
20

අදත් දිස්ති‍්‍රක්ක කිහිපයකට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි

Generic placeholder image

දිස්ති‍්‍රක්ක කිහිපකයට අද මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නුවරඑළිය, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්ක වලට එලෙස වර්ෂාපතනය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.


May
19

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1021 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.


May
19

මෙරට වයස්ගතම කොරෝනා ආසාධිතයාත් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා වැළදුනු වයස්ගතම ආසාධිතයා වූ 96 හැවිරිදි කාන්තාවද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. බේරුවල සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකෙරුණු ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගැනීමෙන් අනතුරුව වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණු අතර පාචන තත්ත්වයක් හේතුවෙන් පසුව අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා තිබුණා.


May
19

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.


May
19

රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනපති කියයි

Generic placeholder image

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය […]


May
19

අයහපත් කාළගුණය හේතුවෙන් රත්නපුරේ දෙදෙනෙක් මිය යයි – බලන්ගොඩ නගරය ජලයෙන් යටවෙයි

Generic placeholder image

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදු වූ අනතුරු හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. වේවැල්වත්ත, බටේපොල ප්‍රදේශයේ නිවසක කොටසක් නායයාමකට ලක්විමෙන් පිරිමි දරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසුවා. පස්කන්දට යටවී සිටි 09 හැවිරිදි එම දරුවා රෝහල් ගත කිරිමේදී මියගොස් තිබෙනවා. රත්නපුර, ලෙල්ලොපිටිය ප්‍රදේශයේදී නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවක් මියගොස් […]


May
19

නිරෝධායනය අවසන් කළ තවත් 98ක් පිටව යයි

Generic placeholder image

නිරෝධායනය සාර්ථකව අවසන් කළ පිරිසක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පිහිටවනු ලැබු පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස නිවෙස් බලා පිටව ගොස් තිබේ.


May
19

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 209ක්

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කළ පී.සී.ආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ. මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු අයි.ඩී.එච් […]


News Articles
Latest Videos
Most Popular Post