කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුම් වල යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට අවිවාහක අයෙකුට රු. ලක්ෂ […]
සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතුයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් […]
මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වනවා.
මේ වන විට අලුත උපන් දරුවන්ට කොවිඩ් නයින්ටීන් ආසාධනය වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසනවා. එබැවින් වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා වෛද්‍යවරුන් වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැංකොක් හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට කොරෝනා වෛරසය ආසාධනය වැළැක්වීම සදහා විශේෂ මුහුණු ආවරණයක් සකස් කර තිබෙනවා. එම ආවරණය සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ […]
ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය හිමිව ඇති බව ඔහු සඳහන් කළේය. ඉන්දියාව තුළ ආසාදිතයින් ඉහළ යාමත් සමඟ දකුණු ඉන්දියාවේ සිට ධීවර කටයුතු […]
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමකයි. මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය […]
මෙවර අයි.පී.එල් තරගාවලිය තවදුරටත් කල් දමා තිබෙනවා. එය පැවැත්විය හැකි කාලසීමාවක් මෙම අවස්ථාවේ තීරණය කළ නොහැකි බව අයි.පී.එල් සභාපති රජිව් ශුක්ලා මහතා පැවසුවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තරගමාලාවේ ආරම්භය අපේ‍්‍රල් 15 දක්වා කල් දැමුණා. එහෙත් දැනට පවතින වාතාවරණය හමුවේ එදින තරගමාලාව ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙනවා. දැනට පවතින එකම අරමුණ කොරෝනා […]
අද සිට දිස්ත්‍රික්ක අතර අවසරයකින් තොරව ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කරනවා මෙන්ම නඩු පැවරීමට කටයුතු කරන බවයි.
අද සිට සියලු ඖෂධ අලෙවිසැල් විවෘතව තැබිමට අවසර දී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘතව තැබිය හැකි බවයි. මීට අමතරව කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට සිය ඖෂධ ලබා […]
පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් ආසාදිතයෙකු තාරපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවාස කිහිපයකට ද ගොස් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඇසුරු කර ඇති බවට අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව පවුල් 900 ක පමණ පුද්ගලයින් 4600 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීම සදහා එම ගම්මානය හුදෙකලා ගම්මානයක් බවට පත් කර තිබේ. එමෙන්ම ප්‍රංශයේ සිට මෙරටට සංචාරයක් […]
ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි. කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික […]
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් බොහොමයක් ගොදුරු තිබෙන පසුබිමක විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ජනතාවට නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. අප ද මේ වෛරසය පිලිබදව කතිකා කිරීමට අවශ්‍ය තවත් පැතිකඩක් ගැන සොයා බැලුවා. ඒ කතිකාවට අප හා සමබන්ධ වන වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය එරංග නාරංගොඩ […]