News Line| Off Air
Generic placeholder image

Apr
11

පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තෑග්ගක්

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබෙනවා. 2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා දැඩි කැපවීමෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ඔප්නැංවීමට මෙම පිරිස ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා […]


Apr
11

සමෘද්ධිලාභීන්ට දුන් 5000 දීමනාව නැවත අයකර නොගැනීමට තීරණයක්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපහසුතාවයට පත්ව සිටින සමෘද්ධිලාභීන් වෙනුවෙන් රජය විසින් දුන් රුපියල් 5000 දීමනාව නැවත අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.


Apr
11

සෞදි රාජකීය පවුලේ කොවිඩ් ආසාදිතයින් 150 ක්

Generic placeholder image

සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසනවා. මේ අතර සෞදියේ සල්මාන් රජු සහ කිරුළ හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ස්වයං නිරෝධායනය සඳහා […]


Apr
11

මහමාර්ග වල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ

Generic placeholder image

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති. මේ වන විට මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් […]


Apr
11

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වනවා. එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදෙශයෙන් සොයාගෙන තිබෙනවා.


Apr
10

ජැක් – මා විසින් පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්‍ෂණ කට්ටල රැගත් ගුවන් යානය දිවයිනට

Generic placeholder image

කොරෝනා පරීක්‍ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. පී.සී.ආර් හෙවත් කොරෝනා වෛරසය ආසාධනය සහතික කළ හැකි මෙම පරීක්‍ෂණ කට්ටල තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ 30,000 ක් බව සදහන්. චීන ප‍්‍රකෝටිපති අලි බබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් – මා විසින් මෙම පරීක්‍ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා. එමෙන්ම […]


Apr
10

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මිය ගිය සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 100 090 ක්. වෛරසය ආසාධනය වූවන් 16, 38216 ක් සිටින බව විදෙස් වාර්තා පැවසුවා. එමෙන්ම වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 369 017 ක් වන අතර මේ වන විටත් කොරෝනා වෛරසය ආසාධනය වී […]


Apr
10

ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ – තවත් සිව් දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් […]


Apr
10

සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. ඒ අනුව කීරි සම්බා 1kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් වනවා.


Apr
10

කොරෝනා සටනේ නිරත සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට රක්ෂණාවරණයක්

Generic placeholder image

කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුම් වල යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්‍ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට අවිවාහක අයෙකුට රු. ලක්ෂ […]


Apr
10

සියලු වී මෝල් හිමියන්ගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ

Generic placeholder image

සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතුයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් […]


Apr
10

තවත් කොරෝනා රෝගියෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post