News Line| Off Air
Generic placeholder image

Mar
25

ඉතියොපියානු සරණාගතයින් 64 දෙනෙක් මොසැම්බික් හි කන්ටේනරයක් තුළ අභිරහස් ලෙස මිය යයි

Generic placeholder image

වයඹ දිග මොසැම්බික් හි කන්ටේනරයක් තුළ තිබි මියගිය පුද්ගලයින් 64 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඊයේ(24) දිනයේ පොලිස් මාර්ග බාධකය දී මෙම මළ සිරුරු සහිත කන්ටේරනය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉතියොපියානු සරණාගතයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව සඳහන් වෙයි. අදාළ කන්ටේරනය තුළ සිටි පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


Mar
25

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය යයි

Generic placeholder image

කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය ගොස් ඇතැයි ද වාර්තා වෙනවා. කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි […]


Mar
25

පාරිහෝගිකයන් වෙත අද සිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම

Generic placeholder image

රටතුළ උද්ගත වී ඇති තත්වය සැළකිල්ලට ගනිමින් පාරිහෝගිකයන් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරිමේ කටයුතු අද (25) දිනයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. සමූපකාර තොග වෙළඳ සංස්ථාව ලංකා සතොස එක්ව මෙම ආහාර ද්‍රව්‍ය සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙය වීම පිණීස විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා තිබෙනවා. මෙම වැඩපිළිවෙල බැසිල් […]


Mar
25

ලොව පුරා කොරෝනා මරණ ගණන 18804ක් ඉහලට

Generic placeholder image

ලොව පුරා කොරෝනා වෛරස අසාධිතයින් හාරලක්ෂ 21,187 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 , 804 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ(24) දිනයේ දී ද වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 743ක්. ස්පාඥයෙන් ද ඊයේ දිනය තුළ පමණක් මරණ 680 ක් වාර්තා […]


Mar
25

වීරකැටිය පොලිස් වසමේ වෙඩි තැබී‍මකින් පුද්ගලයෙක් මරුට

Generic placeholder image

වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේ ඊ‌යේ (24) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින බවට වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට ගොස් වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා වහාම වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ. පසුව එම රෝහලෙන් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් […]


Mar
25

කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම පුරුෂයින්ට බවට මතයක්

Generic placeholder image

නවතම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බව වාර්තා වෙනවා. ඉතාතාලියේ දී සිදුකළ සමීක්ෂණයකදී හඳුනා ගෙන ඇත්තේ එරටින් වාර්තාවු ආසාදිතයින්ගෙන් සියයට 60ක් පුරුෂයන් වූ අතර මියගිය පිරිසෙන් ද සියයට 70ක්ම පුරුෂයින් බවයි. විශේෂයෙන්ම පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී අතින් බවට මත පල […]


Mar
24

කොරෝනා හමුවේ දින 21 ක් ඉන්දියාව වසා දමයි

Generic placeholder image

කොරෝනා වෛරස රෝගය වන කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.


Mar
24

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි.


Mar
24

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පක්ෂ නායකයින්ගේ සහය ලබාගැනීමට පියවර

Generic placeholder image

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි. එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් […]


Mar
24

සුළු වැරදි කර සිරගතවූවන්ට සහන

Generic placeholder image

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ […]


Mar
24

කොරෝනා ආසාධිතයින් 101 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 101 දක්වා ඉහළ යයි.


Mar
24

දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර

Generic placeholder image

ඇදිරි නීතිය පැවතියද දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සදහන්. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. එමෙන්ම […]


News Articles
Latest Videos
Most Popular Post