ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් අද(23) උදෑසන 6 වන විට පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020.03.20 වන දින පස්වරු 6 සිට පනවන ලද ඇඳිරි නීතිය අද උදෑසන 6 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වුණා. එහිදී අත්අඩංගුවට පත් පිරිස සහ යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන […]
දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කර ඇති අතර අදාළ දිස්ත්‍රික්කවලට අද(23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට […]
කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට ඇදිරි නීතිය හෙට උදැසන 06.00 ට ඉවත කරන බවත් නැවත එදිනම දහවල් 12.00 සිට එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත්වෙන බව රජය අවධරණය කර සිටිනවා.
මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති අතර අසධිතයින් 33 400 අධික බව විදෙස් වාර්තා සදහන් කරනවා. වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් එල්ල වී තිබෙන අතර ඉදිරියේදී දරුණු ඖෂධ හිගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට බලධාරීන් අනුමාන කරනවා.
2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. මෙහීදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට ද […]
කිසිඳු බොරතෙල් හිඟයක් නොමැති පසුබිමක ඊයේ(22) බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ජනතාවට අවශ්‍ය ගෑස් ලබාදීමට ගෑස් ටැංකි පිරවීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටිනවා. ලාෆ්ස් ගෑස් සමාගමද පවසන්නේ හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට සැපයිය හැකි බවයි. මේ අතර බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි […]
මෙරට කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හා වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව හා හෝමාගම රෝහල් ද කොරෝනා බවට සැක කෙරෙන ගර්භණී කාන්තාවන්ට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ද ස්ථාපිත කර තිබෙන බව වාර්තා වෙනවා. කොරෝනා රෝගීන් සදහා […]
අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලුම බැංකු ශාඛා විවෘතව තබන ලෙසට රජය ඉල්ලමක් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා බැංකු බළධාරීන්ට මේ පිලිබදව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.
නව කොරෝනා වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව අද වන විට 14,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 5476 ක්. මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයෙක්ද වෛරසයට ගොදුරුවී ඇති බව ඊයේ නිවේදනය කළා. රටවල් 190 ක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසයෙන් අද වන විට මරණ 14,611 ක් වාර්තා වී ඇති අතර […]
කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 03ට අමතරව උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 05 වන යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලටද දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අද (23) පැය අටක කාලයකට පමණක් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්ක 08 […]
මෙරට කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන රජය විසින් හදුන්ව දී ඇති සෞඛ්‍ය ආරක්‍ෂිත සියලු ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන ලෙස රජය මහා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ජනතාව වැඩිවශයෙන් මේ දිනවල තම නිවෙස් තුලට වී වෛද්‍ය විශේෂඥයන් විසින් නිර්දේශීත සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් මෙය පාලනය කරීම සදහා ජනතාව විසින් රජයට සිය උපරිම සහය ලබා දිය යුතු […]
ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් මේ 350දෙනෙක් වාර්තා වී තිබෙන අතර වාර්තා වී ඇති පුද්ගල මරණ ගණන 7ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ප්‍රවාහන සේවා සහ දිස්ත්‍රික්ක 80ක් මුළුමණින්ම වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.