කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආසාදනයවීම හේතුවෙන් ගත වු පැය 24 තුළ සිදුවූ රටවල් 10 කින් පුද්ගල මරණ 71 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. වැඩි මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 41 ක් ලෙස වාර්තා වෙනවා. එමෙන්ම බි‍්‍රතාන්‍යයෙන් හා ස්විට්සර්ලන්තය ඉරාකයෙන්, අමෙරිකාවෙන් සහ ස්පාඤ්ඤයෙන්ද කොරෝන වාර්තා වී තිබෙනවා. […]
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ලබා දීමට නියමිතයි. අදාළ දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් පනවා තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඇතුලූ කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය […]
චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක) නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන […]
සියත ගොඩයන ලක්ෂය වැඩසටහන අද පැවැත්වෙන්නේ නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටයි. අද දින ලක්ෂයේ හිමිකරුවා ඔබ විය හැකියි.අද සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට පැමිණ ලක්ෂයේ හිමිකරුවා බවට පත්වන්න. පසුගිය සිකුරාදා සියත ගොඩයන ලක්ෂය වැඩසටහන කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්වූ අතර එහිදී ලක්ෂයේ හිමිකරු බවට පත්වීමට කඩුවෙල සුනිල් ට හැකිවුණා.
පෙර පාසල් අධ්‍යාපනය ප්‍රිතිගත කිරීමේ අරමුණෙන් ඒ සඳහා සකස් කළ ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම එම ප්‍රතිපත්තිය මහජන අදහස් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියට යොමු කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංවිධානය පිළිබඳ කාර්ය බලකායේ ප්‍රධානී ආචාර්ය උපාලි සේදර මහතා සඳහන් කලා. පෙර පාසල්වල ඉගැන්විය යුතු කරුණු සම්බන්ධයෙන් උපදෙස් එම ප්‍රතිපත්ති […]
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අද දිනයේ සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට ලබන 16 වෙනිදා දක්වා ඒ සදහා අවස්ථාව හිමිවන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කළා.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත්දා ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ඇතුළු වීම තහනම් කරනු ලැබුවා. කෙසේ වෙතත් අද සිට නැවත ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවලට, ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් ඇතුළු කර ගැනීම සදහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රවේශ පත්‍ර […]
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 25ක ජයක් වාර්තා කළා. ඒ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම […]
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විදෙස් සංචාරයක් සදහා ඩුබායි බලා පිටත්ව ගිය අතර එම සංචාරය නිමා කොට අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඒ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන්
කොවිඩ් – 19 හෙවත් නව කෙරෝනා වෛසරසය හේතුවෙන් ඉතාලියේ සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුල මරණ 41ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම මේ වන විට මෙම වෛරසය ලොව පුරා රටවල් බොහොමයක පැතිර ගොස් තිබෙනවා. චීනයට අමතරව නව කොරෝනා ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම දකුණු […]
අද මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල තරමක වැසි තත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා වටිනාමක රුපියල් 1,007ක් පමණ වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ප්‍රතිලාභ සඳහා ආබාධිත පුද්ගලයන්, වැන්දඹුවන්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ දැඩි රෝගාබාධවලින් පීඩා විඳින්නන්ද ඇතුළත් බව සදහන්. ඒ අනුව තේ කොළ, […]