News Line| Off Air
Generic placeholder image

Mar
5

දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් ?

Generic placeholder image

හෙට දිනයේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළා. අසනීප නිවාඩු වාර්තා කර සිය සාමාජිකයන් හෙට දිනයේ එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බව එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා. දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයක් මුල් කර ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ […]


Mar
5

රූපවාහිනී – ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කරන්න අනුමැතිය

Generic placeholder image

රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් […]


Mar
5

වාරියපොල පාසලක සිසුන් පිරිසකට විෂ දුමක් ආඝ්‍රණය වී රෝහල් ගතකෙරේ

Generic placeholder image

වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව ඇති බව සදහන්. ඔවුන් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා […]


Mar
5

මීළග බිම්ස්ටෙක් සමුළුව ලංකාවේ දී

Generic placeholder image

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙනවා. මහලේකම්වරයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා. 2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය […]


Mar
5

සියත ගොඩයන ලක්ෂය මේ සිකුරාදා නුගේගොඩට

Generic placeholder image

සියත ගොඩයන ලක්ෂය වැඩ සටහන පසුගිය සිකුරාදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී තවත් ලක්ෂපතියෙක් බිහිකළ අතර මේ සිකුරාදා ගොඩයන ලක්ෂයේ හිමිකරුවා කවුද? ඔබත් පැමිණෙන්න මේ සිකුරාදා සවස 05 ට නුගේගොඩ සුපිරි වෙළදසැල් සංකීර්ණය ඉදිරිපිටට.


Mar
5

නව ජලය ලබාදීමේදී අයකරන මූලික ගෙවීම අඩු කෙරේ

Generic placeholder image

නව ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. නව ජල සමබඳතාවක් ගැනීමේදී රුපියල් 20000ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී පළමු වාරිකය ලෙස රුපියල් 8000ක් ගෙවීමට සිදුවිය. ඉතිරි මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවිය යුතුව තිබුණා. කෙසේවෙතත් මූලිකව ගෙවිය යුතු මුදල රුපියල් 2500ක් දක්වා අඩුකර […]


Mar
5

රටම දන්න රේඩියෝ ඩබල අහලා සිංගර් මහන මැෂින් දිනාගත් ජයග්‍රාහකයින්

Generic placeholder image

රටම දන්නා සුපිරි රේඩියෝ ඩබල අරවින්ද සහ අයිශ්චර්යා සහභාගී වන වැඩ සටහන මගින් පසුගිය මාසයේදී අසන්නන් වෙනුවෙන් සිංගර් මහන මැෂින් ලබාදීමේ තරගයක් පැවැත්වුවා. මෙම තරගය මුලිකවම ක්‍රියාත්මක වුයේ සියත fm facebook පිටුව හරහායි. එහිදී ජයලැබූ ජයග්‍රාහකයින් ඊයේ දිනයෙදී තමන්ට හිමි සිංගර් මහන මැෂින් ලබා ගත්තා. මේ එහිදී ඔවුන් දැක්වූ අදහස්.


Mar
5

උපාධිධාරි පුහුණුව අත්හිටුවීම පිලිබදව රජය මැකෝ සමග සාකච්ඡා කිරීමට සුදානමින්

Generic placeholder image

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොම්ෂන් සභාව තීරණය කර තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන ලබාදෙන පුහුණුව නවතා දමන ලෙස මැතිවරණ කොමිෂම දුන් නියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. මෙම වැඩසටහන යටතේ උපාධිධාරීන් 45585කට පත්වීම් ලබාදුන් අතර එම […]


Mar
5

හිටපු අගමැති රනිල් විදෙස් ගත වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ රාත‍්‍රීයේ 10.05 ට පමණ විදෙස් සංචාරයක් සදහා ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන්.


Mar
5

කොරෝනා සදහා නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සදහා අත්හදා බැලීමට සුදානමින්

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝන වෛරසය සදහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරන එන්නත මානව අත්හදා බැලීම ලබන මාසයේදී සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. ඒ අනුව එම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක් සහ ඇමෙරිකාවේ ඖෂධ සමාගමක් විසින්ය. මිට පෙර මෙම ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් සදහා අත්හදා බැලීමට ඉකුත් මාසයේදී පියවර ගෙන තිබුණා. ඒ අනුව […]


Mar
5

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක්

Generic placeholder image

බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා නව බෝට්ටු සේවාවක් ඉඩම් සංවර්ධන අධිකාරියේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම සේවාව භාවිත කරමින් ජනතාවට මිනිත්තු 30 ක් පමණ කාලයක් ගත වන බවයි පැවසෙන්නේ. මගී ජනතාවගේ පහසුව සදහා මෙම වැඩපිළිවෙල දියත් කර තිබෙන්නේ.


Mar
5

විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ

Generic placeholder image

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත නිකුත් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා. ඒ අනුව එම අත්පොත අද දිනයේ සිට සිසුන්ට පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post