උතුරු කොරියාව විසින් මිසයිල ද්විත්යක් අත්හදා බලා ඇති බවට දකුණු කොරියාව සදහන් කරනවා. එරට නැගෙනහිර වෙරළේ සිට ජපාන මුහුද දෙසට මෙම මිසයිල දියත් කර ඇති බවට වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයෙකුම ගුවන් තොටුපළ සහ වරායන් හිදී විශේෂ සෞඛ්‍ය පරීක්ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. දැනට නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරගොස් ඇති චීනය / දකුණු කොරියාව සහ ඉතාලියෙන් පැමිණෙන මගීන් පමණක් නොව සෑම ගුවන් මගියෙකුම විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කෙරෙන බව අයි.ඩී.එච් උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද […]
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍ර භාරගැනීමේ කාලය ලබන 09 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. අයදුම්පත් භාරගැනීම අද(02) දිනයේ අවසන් වීමට නියමිතව තිබුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ උසස් පෙළ විභාග අයදුම්පත් පිරවිම සිදුකළ හැකි අතර අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන සහ නැණසල ආයතන මගින් එම කටයුතු සිදුකිරීමට හැකියාව පවතිනවා. කෙසේවෙතත් […]
කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදුව ඇති ප්‍රථම මරණය වාර්තා වන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට 74ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය පාලනය සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ පවසනවා. රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු […]
මාතර – බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට නව දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙනවා. ඒ විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාකුළුගමුවට නව දුම්රිය ස්ථානයක් ලබා දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දෙස් ලබා දීමෙන් අනතුරුවයි. ඒ් අනුව රුපියල් මිලියන 08ක වියදමින් නව දුම්රිය ස්ථානයක් ඉදි කිරීමේ කටයුතු […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ සන්ධානය එළි දැක්වීම හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරිම අද (02) කොළඹ දී සිදුකිරිමට නියමිතව තිබෙනවා. අද උදැසන කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් ගණන 60 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2,967 ක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා අසූ හය දහසකට වැඩි පිරිසක් අද වන විට නව කොරෝනා වෛරසයට ගොඳුරු වී තිබෙන අතර එය පැතිර යාම ආරම්භ වූ චීනයේ ගෙවුණු පැය 24 තුළ අලුතින් කොරෝනා ආසාදිතයන් 573 දෙනකු වාර්තා […]
වත්මන් පාර්ලිමේන්තුව අද(02) මධ්‍යම රාත්‍රීයේ විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වන අතර 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර හතරහමාරක් ඉක්ම ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා. ඒ අනුව ඊයේ(01) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
නව කොරෝනා ආසාධිතයන් 3 දෙනකු හමුවීමත් සමග අමෙරිකානු බළධාරීන් කොවිඞ්-19 වෛරසය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. මෙම රෝගීන් 3 දෙනාම දැනට වෛරසය පැතිර ගොස් ඇති කිසිදු රටක් සමග සබඳතා පවත්වා නොමැතිවීම හේතුවෙන් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා පැවසුවා. කැලිෆෝනියා / ඔරිගන් සහ වොෂින්ටන් ප්‍රාන්තවලින් හමුවූ මෙම තුන්දෙනාත් සමග අමෙරිකාවෙන් සොයාගත් නව කොරෝනා ආසාධිතයන් […]